NEWSNOW ඕනෑම දිස්ත්‍රික්කයක හෝ නගරයක මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ඩිජිටල් තිර භාවිතා කිරීම නීති විරෝධී බව මැතිවරණ කොමිසම පවසයි.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා කියා සිටියේ එවැනි ප්‍රචාරක කටයුතු ජනතාව නිරීක්ෂණය කළහොත් ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙසයි.
“ඔබගේ දිස්ත්‍රික්කයේ හෝ නගරයේ කිසියම් ආකාරයක මැතිවරණ ප්‍රචාරක කටයුත්තක් සඳහා ඩිජිටල් තිරයක් භාවිත කරන්නේ නම් කරුණාකර ළඟම ඇති පොලිස් ස්ථානයට දන්වන්න. එවිට පොලිසිය අවශ්‍ය පියවර ගනු ඇත. මෙය සම්පූර්’ණයෙන්ම නීති විරෝධී කටයුත්තක්. ප්‍රසිද්ධ ස්ථානයක පෝස්ටරයක් ඇලවීමට සමාන වන බැවින් මුදල් ගෙවීම හෝ දැන්වීම් ප්‍රදර්’ශනය කිරීම තහනම් වේ. ඒ නිසා ඩිජිටල් තිරවල දැන්වීම් විකාශය කිරීම සම්පූර්’ණයෙන් තහනම්,” ඔහු පැවසීය.
රත්නායක මහතා සඳහන් කළේ පසුගිය මැතිවරණවලදී අධිකරණ තීන්දු මෙම ස්ථාවරය ශක්තිමත් කළ බවත්, බලධාරීන් අවශ්‍ය පරිදි අධිකරණයට යාමට අදහස් කරන බවත්ය.