ගසා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් හදිසි ඉල්ලීමක්

0
69
NEWSNOW | – වහාම ශල්‍ය වෛද්‍යවරුන් එවන ලෙස ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
හදිසි තත්ත්වය හේතුවෙන් උතුරු ගාසා තීරයේ කමල් ඇඩ්වාන් රෝහලේ රෝගීන් සඳහා ඇති විශාල ශල්‍ය වෛද්‍ය හිඟය පියවා ගැනීම සඳහා වෛද්‍ය සහ ශල්‍ය කණ්ඩායම් එවන ලෙස ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය ජාත්‍යන්තර සංවිධානවලින් ඉල්ලා තිබේ.
දැඩි වූ ප්‍රහාරවලින් බරපතළ තුවාල ලැබූ බොහෝ පිරිසක් සමඟ වෛද්‍ය පහසුකම් සම්පූර්’ණයෙන්ම අඩපණ වී ඇති අතර ශල්‍ය වෛද්‍යවරුන්ගේ සහය නොමැතිව තත්ත්වය පාලනය කළ නොහැකි බව ද වාර්’තා වේ.
“බරපතල තුවාල ඇති අයට කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර ලබා දිය යුතුයි. ඒ සඳහා විශේෂඥ සහාය අත්‍යාවශ්‍යයි,” ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.
මෙම මානුෂීය අර්’බුදයට මුහුණ දීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව කඩිනම් සහය සහ ශල්‍ය වෛද්‍යවරුන්ගේ සහභාගීත්වය ඉල්ලා ඇති බැවින් ගාසා තීරයට උදව් කිරීමට විවිධ රටවල් ඉදිරිපත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.