මැතිවරණ අපේක්ෂිකාවන් දැනුවත් කිරීමට කැෆේ සංවිධානයෙන් “ඩිජිටල් යහභාවිතය” පිළිබඳ වැඩමුළුවක්[PHOTOS]

0
51

NEWSNOW | – 2024 පාර්’ලිමේන්තු මැතිවරණයට සහභාගී වන කාන්තා අපේක්ෂිකාවන් දැනුවත් කිරීම සඳහා “ඩිජිටල් යහභාවිතය” පිළිබඳ වැඩමුළුවක් අද (28) කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වේ.

එම අවස්ථාවට කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ මනාස් මකීන් මහතා, කැෆේ සංවිධානයේ පරිපාලන අධ්‍යක්ෂ සුරංගි ආරියවංශ මහත්මිය, මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා, IRES සංවිධානයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා, නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් පියුමි ආටිගල මහත්මිය සහභාගී වූහ.

එසේම මෙම වැඩමුළුවට ප්‍රතිපාදන ලබාදෙන The Carter Center නියෝජිතවරුන්, ක්ලෙයාර් ගෝල්ඩ්මන් මහත්මිය සහභාගී විය. මෙම පුහුණුවීම ලබාදීමේදී සම්පත් දායකය ලෙස ආචාර්’ය ගේබ්‍රියල් මහත්මිය සහභාගී වෙයි. මෙම වැඩසටහනට දේශපාලන පක්‍ෂ වලින් බස්නාහිර පළාතේ මෙන්ම උතුර සහ දකුණ පළාත් නියෝජනය කරන කාන්තා අපේක්ෂිකාවන් සහභාගී වී සිටිති.

කැෆේ සංවිධානය ලෙස අපගේ නිරීක්ෂණය වුණේ සමාජ මාධ්‍ය හරහා කාන්තා අපේක්ෂිකාවන් අගතියට පත්වන ආකාරයෙන් පොස්ට් සහ වීඩියෝ හුවමාරු කෙරුණු බවයි. මේ නිසා මෙම වැඩමුළුවේ අපේක්‍ෂාව වන්නේ මෙවැනි සිද්ධියකදී අපේක්ෂිකාවන් ඊට එරෙහිව ගත යුතු පියවර මොනවද? මැතිවරණ කොමිසමෙන් ලබා ගත හැකි සහය කුමක්ද යන්න පිළිබඳවත්, සමාජ මාධ්‍ය හරහා දේශපාලන ප්‍රචාරණ කටයුතු සිදුකිරීම, ඩිජිටල් සාක්ෂරතාවය, ඩිජිටල් ආරක්ෂණය, ඩිජිටල් යහභාවිතය සම්බන්ධයෙන් දැනුම ලබාදීමත් බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ මනාස් මකීන් මහතා පැවසීය.