NEWSNOW| – කාශ්මීර අර්බුදය යනු ඓතිහාසික, දේශපාලනික සහ මූලෝපායික සංකීර්’ණතා පිරි ලොව දීර්’ඝතම අර්’බුදයයි. මිලියන සංඛ්‍යාත කාශ්මීර වැසියන්ට දශක හතකට වැඩි කාලයක් තිස්සේ ස්වයං නිර්’ණ අයිතිය ඉන්දීය රජය ප්‍රතික්ෂේප කරමින් සිටින අතර එහි ප්‍රතිඵලයක් ලෙස කිව නොහැකි දුක් වේදනා එම ජනයා විඳිමන් සිටිති.
මෙම අර්’බුදය අවදීන් තුනකට බෙදිය හැකිය: 1947 සිට 1989 දක්වා, 1989 සිට 2019 දක්වා සහ 2019 සිට අද දක්වා කලවකවානු තුනක් පුරා එම අර්’බුදය පැවතෙමින් තිබේ. සෑම අදියරක්ම සමුල ඝාතන, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ කාශ්මීරයේ ජනතාව සඳහා ජනමත විචාරණයක් ලබා දිය යුතුය යැයි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ යෝජනා ප්‍රතික්ෂේප කිරීම ඇතුළු ප්‍රධාන සිදුවීම් වලින් සනිටුහන් වෙයි. මෙම අදියර පුරාම කාශ්මීරය මත ඉන්දියාවේ ක්‍රමානුකූලව බලය තහවුරු කර ගැනීම සහ කාශ්මීර ජනතාවගේ දේශපාලන ස්වාධිපත්‍යය සහ මූලික අයිතීන් මර්’ධනය කිරීමද ඉස්මතු කර පෙන්වයි.
පළමු අදියර වන 1947 සිට 1989 දක්වා කාලයෙහි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ යෝජනාව යටතේ පොරොන්දු වූ ජනමත විචාරණය වාර්ථයක් වනු ඇත යැයි කාශ්මීර ජනතාව ඉවසිලිවන්තව බලා සිටයහ. 1947 ඔක්තෝම්බර් මාසයේදී ඉන්දියානු ආක්‍රමණික හමුදා ලීනගර් වෙත ගොඩබැසි අතර, එමගින් එම සුන්දර දේශයේ සුබ සිද්ධියට මුදා තැබූහ. මෙම සිදුවීම කාශ්මීර ජනතාවගේ ස්වයං නිර්’ණ අයිතිය උතික්ෂේප කිරීම සංකේතවත් කරමින් දශක ගණනාවක ගැටුම් සහ රෝග වලට තුඩු දුන්නේය. ඔක්තොම්බර් 27 වන මෙම දිනය මානව හිමිකම් උල්ලංඝනය කිරීම්, දේශපාලන පාවාදීම් සහ කාශ්මීර වැසියන් තම නිදහස වෙනුවෙන් අඛණ්ඩ අරගලවල යෙදීම සිහිපත් කරයි.
බ්‍රිතාන්‍යයෙන් නිදහසම ලැබූ ඉන්දියාවේ බෙදීමෙන් පසු ඇති වූ ව්‍යාකූල තත්ත්වය තුළ, ජම්මු සහ කාශ්මීරය ඇතුළු යුවරජ රාජනයන්ට ඉන්දියාව සමග හෝ පකිස්තානය සමග එක්වීමේ විකල්පයක් ලබා දෙන ලදී. මුස්ලිම් බහුතරයක් වෙසෙන ජම්මු සහ කාශ්මීර් ප්‍රාන්තය එවකට පාලනය කළ හින්දු පාලක මහාරාජා හරිසිං, ඉන්දියාවේ හමුදා ආධාර වෙනුවට, 1947 ඔක්තෝම්බර් 26 වන දින, කාශ්මීරයේ ආරක්ෂාව, විදේශ කටයුතු සහ සන්නිවේදනය ඉන්දියාවට භාර දෙමින් ඊනියා ‘ප්‍රවිශ්ට මෙවලම් ‘ නම ගිවිසුමකට අත්සන් තැබීය. ඔහු මෙම තීරණය ගත්තේ බලහත්කාරයෙන් සහ කාශ්මීර ජනතාවගේ අදහස් විමසීමකින් තොරවය. පසුව කාශ්මීරයේ අනාගතය ජනමත විචාරණයක් හරහා තීරණය කරන බවට ඉන්දියාවද පොරොන්දු වූ අතර එමගින් කාශ්මීර වැසියන්ට ඉන්දියාව සමඟ හෝ පාකිස්තානය සමඟ එක්වන විකල්පය ලබා දෙන බව පවසන ලදී. එනමුත් එම පොරොන්දුව කිසි විටෙකත් ඉටු නොවූ අතර, කාශ්මීර වැසියන්ට ස්වයං නිර්ණය සඳහා වූ මූලික අයිතිය එමගින් ප්‍රතික්ෂේප කරන ලදී.
පසුව ඉන්දියාව, සිය හමුදාමය මැදිහත්වීම නීතනානුකූල කිරීමේ උපායක් ලෙසින් 1948 වසරෙහි කාශ්මීර ප්‍රශ්නය එක්සත් ජාතීන් වෙත ගෙන ගියේය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය යෝජනා කිහිපයක් සම්මත කළ අතර, වඩාත්ම කැපී පෙනෙන යෝජනාව වූයේ සටන් විරාමයක් ඉල්ලා සිටි 47 වන යෝජනාවයි. එමගින් ඉන්දියාව සහ පකිස්තානය යන පාර්ශව දෙකම සටන් විරාමයකට යා යුතු වූ අතර කාශ්මීරයේ අනාගතය තීරණය කිරීම සඳහා ජනමත විචාරණයක්ද පැවැත්විය යුතුව තිබුණි. මෙම ජනමත විචාරණයෙන් අදහස් කළේ කාශ්මීර වැසියන්ට ඉන්දියාව සහ පාකිස්තානය අතර තමන් එක් වීමට කැමති රටක් තෝරා ගැනීමේ අයිතිය ලබා දීමයි.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ යෝජනාව තිබුණද ඉන්දියාව කිසි විටෙක පොරොන්දු වූ ජනමත විචාරණයක් පැවැත්වූයේ නැත. කාලයාගේ ඇවෑමෙන් ජම්මු සහ කාශ්මීරයෙහි ඉන්දියාව සිය පාලනය තහවුරු කර ගත් අතර, කාශ්මීර වැසියන්ගේ දේශපාලන අයිතිවාසිකම්ද ක්‍රමානුකූලව දියාරු කරන ලදී. ජම්මු සහ කාශ්මීරයට විශේෂ ස්වයං පාලනයක් ලබා දුන් ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 370 වැනි වගන්තිය තාවකාලික පියවරක් ලෙස භාවිතා කළ නමුත් ඉන්දියාව වසර ගණනාවක් පුරා මෙම ස්වාධීනත්වය ක්‍රමයෙන් අඩු කළේය. එක්සත් ජාතීන්ගේ යෝජනා ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම දශක ගණනාවක් දේශපාලන නොසන්සුන්තාව, සන්නද්ධ විරෝධතා මෙන්ම කාශ්මීරයේ මිලේච්ඡ හමුදාමය මර්දනය සඳහාද ඉන්දියාව අඩිතාලම දැමීය.
එසේ 1947 ඔක්තෝම්බර් 27 වැනි දින සිදුවීම් වලින් ආරම්භ වූ කාශ්මීර වැසියන්ගේ ස්වයං නිර්ණ අයිතිය ප්‍රතික්ෂේප කිරීම දශක ගණනාවක කුරිරු මර්දනයට සහ සමූල ඝාතනවලට තුඩු දී ඇත. එම ඔක්තෝම්බර් මාසයෙහිදී ඉන්දියාව ජම්මු සහ කාශ්මීරයේ පාලනය අත්පත් කර ගත් අතර එයින් අනතුරුව ජම්මු කලාපයේ මුස්ලිම්වරුන්ට විශාල වශයෙන් ඝාතනය කරන ලදී. මෙවිට් උදම්පුර්, වෙනානි, ආර්නගර්, බදෙත්වා, ටියේයි, අනු සහ කතු හා දිස්ත්‍රික්කවල මුස්ලිම්වරුන් සැලසුම් සහගතව ඉලක්ක කරන ලදී. ඔවුන්ගේ බොහෝ දෙනෙකුව අමානුෂික ලෙස මරා දැමූ අතර, කාන්තාවන් දූෂණය කර පැහැරගෙන ගොස්, සමස්ත ප්‍රජාවම අවතැන් වුහ. මෙලෙසින් ලක්ෂ තුනකට ආසන්න ජීවිත සංඛ්‍යාවක් ඉන්දීය මැර හමුදාව විසින් මේ දක්වා බිලි ගෙන ඇත. දිවි ගලවා ගත් දහස් ගණනක් පාකිස්තානයට පලා ගියහ.
ඉන්දීය ආක්‍රමණික හමුදාව ශ්‍රීනගරයට පා තැබු 1947 ඔක්තෝම්බර් 27 සිට දශක ගනනාවක මර්දනයකට කාශ්මීර වැසියන් මුහුණ දී ඇත. පසුව 1990 ගණන්වල ජම්මු සහ කාශ්මීරහි දහස් ගණන් ඉන්දීය හමුදාව යොදවන්නට ඉන්දීය රජය කටයුතු කළේය. 1991 පෙබරවාරි මස කුනාත් පෝස්පොරා පෙදෙසේ සියයක් පමණ කාශ්මීර කතුන්ව සෝදිසි මෙහෙයුමක මුවාවෙන් ඉන්දීය හමුදා භවයන් දූෂණය කළහ. 1993 අප්‍රේල් මාසයෙහි ලොල් ෂවුත් නම් වෙළඳ සංකීර්ණයට ඉන්දීය හමුදාව ගිනි තැබූ අතර එයින්ද සියයකට අධික සංඛ්‍යාවක් මිය ගියහ. 1993 ඔක්තෝම්බර් 27 කළු දින සංවත්සරයට සතියකට පෙර බීජ බෙහෙරා සංහාරය ඉන්දීය හමුදාව විසින් දියත් කරන ලදී. එවිට සාමකාම් ලෙස උද්ඝෝෂණයක් පවත්වමින් සිටි පිරිසකට වෙඩි තැබීම නිසා සිවිල් වැසියන් 50ක් පමණ මිය ගිය අතර තවත් බොහෝ දෙනෙකුට තුවාල සිදුවිය. එම වසරේම ජනවාරි මාසයෙහි මගී බස් රථයකට ඉන්දීය සොල්දාදුවන් වෙඩි තැබීම නිසා තවත් 60 කට ආසන්න සංඛඛ්‍යාවක් සිවිල් වැසියන් මරුමුවට පත් වූහ. පසුව එම පෙදෙසේ නිවාස සහ කඩසාප්පුද විශාල සංඛනවක් සොල්දාදුවන් විසින් ගිනිබත් කරන ලදී.
කාශ්මීර වැසියන්ට, සෑම සංහාරයක්ම ඉන්දීය ආක්‍රමණයට එරෙහි විරෝධයේ දිගු ඉතිහාසයක වේදනාකාරී පරිච්ඡෙදයක් වන අතර එයට දැන ශතවර්ෂයකට ආසන්න වෙමින් තිබීම අතිශය සංවේගජනකය.
කාශ්මීර ගැටුමෙහි තුන්වන සහ අඛණ්ඩ අදියර ආරම්භ වූයේ 2019 අගෝස්තු මාසයෙහිදීය. එය ඉන්දීය රජය ඒකපාර්ශ්විකව 370 ව්‍යවස්ථාව අවලංගු කරමින් ජම්මු සහ කාශ්මීරයේ විශේෂ තත්ත්වය ඉවත් කිරීමත් සමඟය, ව්‍යවස්ථා විරෝධී සහ නීති විරෝධී පියවරක් වන මෙය අර්බුදයේ භූ කම්පන වෙනසක් ඇති කළේය. 370 වැනි වගන්තිය අවලංගු කිරීමෙන්, ඉන්දියාව කුඨ ලෙස කාශ්මීරයේ සෘජු පාලනය තම යටතට ගෙන කලාපයේ ස්වාධීනත්වය මකා දමා ඉන්දීය ප්‍රාන්තයකට අදාල වන නීති කාශ්මීරයටද පැනවුයේය.
කෙටියෙන් කිවහොත් දශක හතක් පුරා පවතින කාශ්මීර අර්බුදය යනු ජනකොටසකට ප්‍රතික්ෂේප කරන ලද ස්වයං නිර්ණය අයිතිය සහ දරුණු මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ ඛේදනීය කතා පුවතකි. ස්වාධිපත්‍යය ඛාදනයට ලක් වුනු අර්බුදයේ මුල් වසර වල සිට මහජන විරෝධ ව්‍යපාර ප්‍රචණ්ඩ ලෙස මර්දනය කිරීම දක්වා මෙන්ම මෑත කාලීනව කාශ්මීරයේ විශේෂ තත්වය අහෝසි කිරීම දක්වා වන දක්වා වන ගැටුමේ අදියර තුන ඉන්දීය රජයේ අඛණ්ඩ මර්දනයේ සැහැසි රටාවක් පෙන්නුම් කරයි.
එ.ජා. ආරක්ෂක කවුන්සිලයේ යෝජනා බලාත්මක කිරීමට ජාත්‍යන්තර ප්‍රජාව අපොහොසත් වීම, ස්වයං නිර්’ණ අයිතිය සඳහා අඛණ්ඩව ඉල්ලා සිටින කාශ්මීර ජනතාවගේ දුක් වේදනා තවදුරටත් දිගු කර ඇත. එම ජනයාගේ අරගලය ආරම්භ වූ දිනය සිහිපත් කිරීම සඳහා කාශ්මීර වැසියන් ඔක්තෝබර් 27 කළු දිනයක් ලෙස සමරති. තවද මෙම දිනය ඉන්දීය ආක්‍රමණයට එරෙහි අඛණ්ඩ අරගලය සහ යුක්තිය සහ ස්වයං නිර්ණය සඳහා ඔවුන්ගේ නොසැලෙන ඉල්ලීම සංකේතවත් කරන දිනයකි. මෙම මූලික ප්‍රශ්නය විසඳන තුරු, කලාපීය ස්ථාවරත්වයට සහ ජාත්‍යන්තර සාමයට තර්ජනයක් ලෙසින් මෙම අර්’බුදය නොකඩවා පවතිනු නියතය.