‘කාශ්මීර කළු දිනය’ නිමිත්තෙන් පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ සම්මන්ත්‍රණයක් සහ ඡායාරූප ප්‍රදර්ශනයක්

0
38
ඔක්තෝම්බර් 27 වන දින ‘කාශ්මීර කළු දිනය’ නිමිත්තෙන් කොළඹ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය සම්මන්ත්‍රණයක් සහ යාරූප ප්‍රදර්ශනයක් සංවිධානය කළේය.
මෙම අවස්ථාවට චින්තකයින්, වෘත්තිකයන්, මාධ්‍යවේදීන්, ලේඛකයින්, කාශ්මීරයේ මිතුරන් ඇතුළු පාකිස්තාන ප්‍රජාව සහභාගී වූහ. ඉන්දියාව විසින් නීතිවිරෝධී ලෙස අත්පත් කරගෙන සිටින ජම්මු සහ කාශ්මීරයේ ඉන්දීය හමුදා විසින් සිදු කරන ලද සාහසික ක්‍රියා නිරූපණය කරන වාර්’තා චිත්‍රපට සහ ඡායාරූප ද සහභාගී වූවන්ට ප්‍රදර්ශනය කරන ලදී. එමෙන්ම පාකිස්තාන ජනාධිපති, අගමැති සහ විදේශ අමාත්‍යතුමාගේ පණිවිඩ ද ප්‍රේක්ෂකයින් සඳහා කියවන ලදී.
දේශපාලන ක්‍රියාකාරිකයෙකු සහ මුස්ලිම් කටයුතු පිළිබඳ ජාතික සම්බන්ධීකාරක ශිරාස් යුනුස් මහතා මෙම උත්සවය ඇමතූහ. 1947 ඔක්‌තෝබර් 27 වැනිදා ඉන්දියාව නීති විරෝධී ලෙස කාශ්මීර නිම්නය අත්පත් කර ගත්තේය. එතැන් පටන් ඉන්දියාව නීතිවිරෝධී ලෙස අත්පත් කරගත් ජම්මු සහ කාශ්මීරය ලොව විශාලතම බන්ධනාගාරය බවට පරිවර්තනය වී ඇත. කාශ්මීර ප්‍රශ්නය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ විශේෂ සැසිවාරය ගැන සඳහන් කළ ශිරාස් යුනුස් මහතා, ජම්මු හා කාශ්මීරයේ ඉන්දීය සාහසික ක්‍රියා සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව යළි කිසිවිටෙකත් නිහඬ නොවන බව ප්‍රකාශ කළෝය.
පාකිස්තාන මහ කොමසාරිස්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ෆහීම් උල් අසීස් මහතා, සහභාගී වූවන්ට ස්තූති කරමින්, ජම්මු සහ කාශ්මීරයේ දශක ගණනාවක් තිස්සේ ඉන්දීය නීති විරෝධී ආක්‍රමණයට එරෙහිව ඔවුන්ගේ සාධාරණ අරගලය වෙනුවෙන් ජම්මු සහ කාශ්මීරයේ ජනතාවට උපහාර පුද කළ අතර කාශ්මීර වැසියන්ට ඔවුන්ගේ ස්වයං නිර්ණ අයිතිය සඳහා පාකිස්තානයේ සදාචාරාත්මක, දේශපාලනික සහ රාජ්‍යතාන්ත්‍රික සහය නැවත අවධාරණය කළේය. ප්‍රදර්ශනයේ සහ සම්මන්ත්‍රණයේ අරමුණ පැහැදිලි කරමින් මහ කොමසාරිස්වරයා කියා සිටියේ පාකිස්තානය සහ එහි ජනතාව අපගේ කාශ්මීර සහෝදර සහෝදරියන් සමඟ ඔවුන්ගේ හදවත් සහ මනසින් එකමුතු වන බවයි. කාශ්මීරයේ ජනතාවගේ අභිලාෂයන්ට අනුකූලව සහ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ යෝජනාවලට අනුකූලව කාශ්මීර ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් සඳහා අපි සැමවිටම සහාය දෙන්නෙමු. පාකිස්තානය කාශ්මීර වැසියන්ට ඔවුන්ගේ ස්වයං නිර්ණ අයිතිය සහ ස්වාධීනත්වය ලබා දෙන තෙක් ඔවුන්ට සැමවිටම සහාය දෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.