NEWSNOW| – ඊශ්‍රායලයට එල්ල කරන ලද ඉරාන ප්‍රහාර කිහිපයකට ප්‍රතිචාර වශයෙන් තමන් ඉරානයට පහර දීම ආරම්භ කළ බව ඊශ්‍රායල හමුදාව අද(26) අලුයම ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ඒ අනුව මැද පෙරදිග බලවත්ම මිලිටරි දෙකක් අතර දිගුකාලීන ගැටුමක් මුළුමනින් ම යුද්ධයක් දක්වා වර්ධනය විය හැකි බවට බියක් මතු කරයි.
“ඉරානයේ මිලිටරි ඉලක්ක වෙත නිශ්චිත ප්‍රහාර එල්ල කරන” බව මිලිටරිය අද අලුයම 2.30 ට නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, ඉරානය සහ මැදපෙරදිග පුරා එහි මිත්‍ර පාක්ෂිකයින් විසින් වසරකට වැඩි කාලයක් ඊශ්‍රායලයට එල්ල කරන ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් තමන් ක්‍රියා කරන බවයි.