රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල නියෝජිතයන් සමඟ ජනපති සාකච්ඡා වල

0
49
NEWSNOW | – ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද(25) ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල නියෝජිතයන් සමඟ සාකච්ඡා මාලාවක් පැවැත්වීමට නියමිතය.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ජනාධිපතිවරයා දකුණු අප්‍රිකාවේ සහ නවසීලන්තයේ මහ කොමසාරිස්වරුන්, ඉරාන සහ මියන්මාර තානාපතිවරුන් සහ යුරෝපා සංගමයේ නියෝජිත පිරිසක් සමඟ සාකච්ඡා කිරීමට නියමිත බවය.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන මෙම සාකච්ඡාවේදී ද්විපාර්’ශවික සබඳතා ශක්තිමත් කර ගැනීම සහ ප්‍රධාන ක්ෂේත්‍රවල අනාගත සහයෝගීතාව සඳහා මාර්’ග ගවේෂණය කිරීම පිළිබඳව අවධානය යොමු කරනු ඇත.
ශක්තිමත් ජාත්‍යන්තර හවුල්කාරිත්වයක් පවත්වා ගැනීමට ශ්‍රී ලංකාවේ කැපවීම පිළිබිඹු කරමින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩිදියුණු කිරීම සහ ආර්’ථික, දේශපාලන සහ සමාජීය පෙරමුණුවල සහයෝගීතාව වර්’ධනය කිරීම මෙම රැස්වීම්වල අරමුණ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.