සියලු පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කර අවසන් – ජනපති

0
120

NEWSNOW| -මෙරට සියලු පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

“අපේ වගකීම තමයි පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම. අපි අදාළ ප්‍රදේශවල වේගයෙන් ආරක්ෂාව තහවුුරු කරන්න කටයුතු කළා. ඒ විතරක් නෙමෙයි බුද්ධි අංශ තොරතුරු මත වේගයෙන් කටයුතු කළා” යැයි ජනපති අනුර කුමාර දිසානායක මහතා අද (24) පුත්තලමේ පැවැති ජන හමුවක් අමතමින් පැවසීය.

ඔහු වැඩි දුරටත් පැවසවේ,” සැකයට තුඩු දෙන කීප දෙනෙක්ව අත්අඩංගුවට ගන්නත් අපි කටයුතු කලා. අපි අද කියන්න කැමතියි ලංකාවේ සියලු පුරවැසියන්ගේ ආරක්ෂාව අපි සහතික කරලා තියනවා.” යනුවෙනි.