අඩු මිලට පොල් ලබා දීමේ වැඩසටහන අද සිට

0
89
NEWSNOW | – ජංගම අලෙවි රථ මඟින් රුපියල් 100-120 අතර මුදලකට පොල් විකිණීමේ වැඩසටහනක් අද (23) සිට ක්‍රියාත්මක කරයි.
පොල් වගා කිරීමේ මණ්ඩලය පැවසුවේ පවතින පොල් මිල හමුවේ පාරිභෝගික ජනතාව මුහුණ දී තිබෙන දුෂ්කරතාවයට විසඳුමක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවය.
එහි පළමු අදියර අද කොළඹ, ශ්‍රී ජයවර්’ධන පුර කෝට්ටේ, කඩුවෙල නගර සභා බල සීමා ප්‍රදේශයන් මුල්කර ගනිමින් ක්‍රියාත්මක කරයි.
කොළඹ බල ප්‍රදේශයේ වැලිකඩ පොලිසිය අසලත්, කිරුළපන පොදු වෙළදපොළ සහ මුදල් අමාත්‍යාංශ පරිශ්‍රය ආසන්නවත් ජංගම ලොරි රථ මගින් බෙදා හැරීම් සිදු වේ.
ශ්‍රී ජයවර්ධනපුර කෝටටේ නගර සභා සීමාවට අයත් වැලිකඩ පොලිසිය ආසන්නව සහ නුගේගොඩ ආනන්ද සමරකෝන් එලිමහන් රංග පීඨය අසල ද පොල් බෙදා හැරීමේ ජංගම වැඩසටහන ක්‍රියාත්මක වේ.
කඩුවෙල සහ බත්තරමුල්ල බල ප්‍රදේශයන් ආවරණය කරමින් සෙත්සිරිපාය රජයේ කාර්යාල පරිශ්‍රය ආසන්නව සහ ඩෙන්සිල් කොබ්බෑකඩුව පොල් වගා කිරීමේ මණ්ඩලය පිහිටි ස්ථානය ආසන්නව පාරිභෝගිකයින්ට පොල් මිලදී ගැනීමට පහසුකම් සපයා තිබෙන බව පොල් වගා කිරීමේ මණ්ඩලය පවසයි.
පසුව සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක වීමට නියමිත බව පොල් වගා කිරීමේ මණ්ඩලය කියයි.
පොල් වගා කිරීමේ මණ්ඩලය විසින් දිනකට පොල් ගෙඩි දසදහසක් වෙළෙඳ පොලට එක් කරන අතර සඳුදා, බදාදා සහ සිකුරාදා දිනයන්වල පසුව ක්‍රමිකව දිනකට පොල් ගෙඩි පන්දාහ බැගින් සතියකට පොල් ගෙඩි 15,000 ක් පාරිභෝගික ඉල්ලුම අනුව වෙ⁣ළෙඳපොළට යොමු කරනු ඇත.