ගම්පහ ප්‍රදේශ කිහිපයක ජල සැපයුමට බාධා

0
58

NEWSNOW| –  ගම්පහ දිස්තික්කයේ ප්‍රදේශ කිහිපයට ජල සැපයුම අඩු පීඩනයක් යටතේ සිදුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය දැනුම් දෙයි.

ඒ ජල pp y pp onල, මාබෝල, ජා ඇල සහ කටුනායක-සීදුව නගර සභා ප්‍රදේශ සහ වත්තල, බියගම, මහර, ජා ඇල, කටාන සහ මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා කලාප සඳහා අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙයි.

මේ හේතුවෙන් උස ස්ථානවල ජලය සැපයුමට බාධා එල්ලවෙතැයි ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය කියයි.

මෙහි අලුත්වැඩියා කටයුතු සිදුකෙරෙන බවත් ජල සැපයුම හෙට දහවල් 12ට පමණ යථා තත්ත්වයට පත්කිරීමට හැකිවෙතැයි ජල සම්පාදන මණ්ඩලය දැනුම් දෙන අතර ජලය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන ලෙස පාරිභෝගිකයින්ට මතක් කිරීමක් කරයි.h