NEWSNOW | – කුඩාවැල්ල ධීවර වරායේ නවතා තිබූ බහුදින ධීවර යාත්‍රා දෙකක් ගිණිගෙන දැවී ගොස් තිබේ.
තංගල්ල මූලස්ථාන පොලිසිය පැවසුවේ අද උදේ 7. 30 ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවය.
ගින්න හට ගැනිමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත .
අනෙක් ධීවර යාත්‍රාවලට ගින්න පැතිර යාම වැලැක්වීමට ධීවරයින් කටයුතු කරමින් සිටිති. ධීවර යාත්‍රා කුඩාවැල්ලේ පදිංචි ජයන්ත ජයවීර නමැති අයට අයත් බව පොලිසිය කියයි .
තංගල්ල මූලස්ථාන පොලිසිය සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වයි.