ගම්මන්පිල මහතා අද හෙළි කළ පාස්කු පළමු වාර්’තාවේ තොරතුරු

0
79
NEWSNOW | – පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රධානම චූදිතයෙකු ලෙස විමර්’ශන කමිටු වාර්තාවකින් නම් කර ඇති රවී සෙනෙවිරත්න මහතාව වහාම මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලෙකම් ධුරයෙන් ඉවත් කළ යුතු බව අද (21) පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.
ඔහු මේ බව පැවසුවේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කමිටු වාර්’තා ප්‍රසිද්ධ කිරීම වෙනුවෙන් අද (21) පෙරවරුවේ කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
ගම්මන්පිල මහතා පාස්කු ප්‍රහාරයේ විමර්’ශන කමිටු වාර්’තා ප්‍රසිද්ධ කිරීම සඳහා ජනපතිවරයාට ලබා දී තිබූ කාලය අද උදෑසන 10 න් අවසන් විය.
ඒ අනුව එම වාර්’තා දෙකෙන් එක් වාර්’තාවක් තමා අද දිනයේදීත් අනෙක් වාර්’තාව ලබන සඳුදා ද හෙළිදරව් කරන බව ඔහු පැවසීය.
උදය ගම්මන්පිල මහතා තවදුරටත් චෝදනා කළේ ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව චේතනාන්විතව උල්ලංඝනය කර ඇති බවය.
මේ නිසා ජනාධිපතිවරයා වහාම ජාතියෙන් සමාව ගතයුතු බව ද ගම්මන්පිල මහතා පැවසීය.