එක්සත් ජාතීන්ගේ ප්‍රධානියාට ඊශ්‍රායලයේ තහනමට එරෙහිව ලංකාවද ලිපියට අත්සන් තබයි

0
61

NEWSNOW | – එක්සත් ජාතීන්ගේ ප්‍රධානියාට ඊශ්‍රායලය විසින් පැනවූ තහනමට එරෙහිව ලිපිය අත්සන් කළ රටවල් අතර ශ්‍රී ලංකාව ද එක් වේ.

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කර ඇති, ඊශ්‍රායලය හෙළා දකිමින් රටවල් 105ක අත්සන් සහිත ලිපියකට ශ්‍රී ලංකාවද අත්සන් තබා ඇති බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් පවසා තිබේ.

එම ලිපියට ශ්‍රී ලංකාවේ නම ඇතුළත් කරන ලෙස නිව්යෝර්’ක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ ස්ථිර නේවාසික කාර්’යාලය චිලී රාජ්‍ය කාර්’යාලයෙන් ඉල්ලීමක් කර ඇත.

තවත් රටවල් කිහිපයක් ද අත්සන් කළ ලැයිස්තුවට ඔවුන්ගේ නම් ඇතුළත් කරන ලෙස ඉල්ලා ඇති බව සන්ඩේ ටයිම්ස් වාර්’තා කරයි.

ශ්‍රී ලංකා රජය පලස්තීන ප්‍රශ්නයට දිගින් දිගටම සහාය දෙන අතරේ ශ්‍රී ලංකාවද ඊශ්‍රායලයට එරෙහිව මෙම ලිපියට අත්සන් තබා ඇත.

ඊශ්‍රායලයේ ක්‍රියාව හෙළා දකිමින් ලියූ ලිපියට බ්‍රසීලය, ඉන්දුනීසියාව සහ උගන්ඩාව වැනි ගෝලීය දකුණේ බොහෝ රටවල් මෙන්ම ප්‍රංශය, ස්වීඩනය සහ ස්විට්සර්’ලන්තය වැනි යුරෝපීය රටවල් ද අත්සන් කර ඇත.

ඊශ්‍රායලය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය අතර උත්සන්න වන ආතතීන් මධ්‍යයේ මෙම ලිපිය ඉදිරිපත් කර ඇත.

මෙම අවස්ථාවේ පලස්තීන ප්‍රශ්නය සම්බන්ධයෙන් නව රජයේ ස්ථාවරය පිළිබඳව ලේඛක Siraj Mashur සිය ෆේස්බුක් සටහනේ සටහනක් තබා තිබේ.

නව ජාතික ජන බලවේග ආණ්ඩුව පලස්තීන ගැති ස්ථාවරයේ නොසැලී සිටියි. බොරු ප්‍රචාර විශ්වාස කරන්න එපා. ඇතැමුන් බලාගෙන ඉන්නවා අලුත් ආණ්ඩුවට වැරදෙයිද කියලා”

පීඩිත පලස්තීන ජනතාව වෙනුවෙන් ජාතික ජනතා බලය නොසැලී සිටියි. එය දීර්ඝ කාලීන ප්‍රතිපත්තිමය ස්ථාවරයකි.
ශ්‍රී ලංකා පලස්තීන මිත්‍රත්ව ලීගයේ ප්‍රමුඛ ක්‍රියාකාරිකයෙකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක. ඉදිරියටත් මේ විදියට කටයුතු කරයිද යන්න මුලින්ම සොයා බැලිය යුතුයි.

ස්වාධීන පලස්තීන නිජබිමක් සඳහා ශ්‍රී ලංකාව දක්වන සහයෝගය නව විදේශ අමාත්‍ය විජිත හේරත් යළි තහවුරු කර තිබේ.

ඔහුට අවශ්‍ය වී ඇත්තේ කිසිදු සීමාවකින් තොරව ගාසා තීරයට මානුෂීය දොරටු විවෘත කිරීමට ය.

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ට එල්ල වූ ප්‍රහාරය ද ඔහු හෙළා දකින ලදී.

ඒ එ.ජා සාම සාධක හමුදාවේ 126 දෙනෙකු ශ්‍රී ලාංකිකයන් වීම ද විශේෂත්වයකි.

ඕනෑම දෙයක් ගැන සන්සුන්ව විමර්’ශනය කර ලිවීම මාධ්‍යයේ ගුණයයි. සත්‍ය සොයන්නන් කරන්නේ එයයි.