NEWSNOW| –
ඉම්තියාස් රසාක් විසින් පල කළ ලිපියකි.
ශ්‍රී ලංකාවේ පසු ගිය මස පැවති ජනාධිපතිවරණයෙහි අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුත් මාක්ස්වාදී ජනතා විමුක්ති පෙරමුණේ සන්ධානයට කැපී පෙනෙන ජයග්‍රහණයක් අත් කර ගෙන අනුර කුමාර සිරිලක නව වන ජනාධිපති බවට පත් විය
මෙවර මැතිවරණ ප්‍රතිඵල වලින් සැලකිය යුතු කාරණාවක් ඉස්මතු විය. දකුණේ සිංහල-බෞද්ධ ජනයා බහුතරයක් අනුර දිසානායක සමග පෙළ ගැසුණු අතර, උතුරු හා නැගෙනහිර බහුතර දෙමළ මුස්ලිම් ජනකොටස් සේම ‘වතුකර දෙමළ’ යැයිද හඳුන්වනු ලබන ඉන්දියානු සම්භවයක් ඇති දෙමළ ජනයා අනුරව ප්‍රතික්ෂේප කළහ.
මෙම බෙදීමට කරුණු කිහිපයක් බලපෑවේය. උතුරු නැගෙනහිර පළාත්වල දෙමළ මුස්ලිම් ප්‍රජාව විශේෂයෙන් බහුතරයක් දෙමළ ජනයා – සජිත් ප්‍රේමදාසට සහය දැක්වූයේ ජවිපෙ විෂයයෙහි දශක ගණනාවක් නිධන් ගතව පවතින දැඩි අවිශ්වාසය නිසාය. මෙම සැකයේ මුලාශ්‍රය වන්නේ ඒකීය රටක් අවධාරණය කරන සිංහල – බෞද්ධ ජාතිකවාදයට ජවිපෙ දැක්වූ දැඩි කැපවීමයි. ජනතා විමුක්ති පෙරමුණ විසින් කොටි සංවිධානයේ ජනවාර්’ගික ගැටුම සලකන ලද්දේ අයිතිවාසිකම් සඳහා වන අරගලයක් ලෙසින් නොව රට බෙදන ත්‍රස්තවාදයක් ලෙසිනි. මේ නිසා ජවිපෙ කොටින්ම දරුණු ලෙස හෙළා දකිමින් රජය විසින් කොටින්ට එරෙහිව ගෙන ගිය හමුදාමය ක්‍රියාමාර්’ග වලට සහය දක්වමින් ඉන්දු – ලංකා සාම ගිවිසුමට ද විරුද්ධ විය. එමෙන්ම දෙමළ ජනයාට යම් නැඹුරුවක් පෙන්වූ හා වාර්’ගික ආතතිය සමනය කිරීමේ පිළියමක් ලෙසින් ගෙන උක්ත ගිවිසුමට සහය දැක්වු ජනහද දිනා සිටි විජය කුමාරතුංග වැන්නන් ඝාතනය කිරීම නිසාද ජවිපෙ යනු උතුරු නැගෙනහිර බහුරයකට ඇසූ පමණින් ගත කිළිපොලා යන බිල්ලෙක් විය.
උතුරු නැගෙනහිර ජනකොටස්වල විශ්වාසය දිනා ගැනීමට ජවිපෙ කළ යුත්තේ කුමක්ද?
සියලුම ජනකොටස්වල සිත් දිනාගෙන ආර්ථික සමෘද්ධිය කරා යා හැකි එක්සත් ශ්‍රී ලංකාවක් බිහි කරන්නට අදහස් කරන ජනතා විමුක්ති පෙරමුණට මෙම ප්‍රතිකල්පය උභතෝ කෝටික පැනයක් වී ඇති බවට සැකයක් නැත. පෙනෙන අන්දමට උතුර නැගෙනහිර මැසිවිලි වලට සෘජුවම මුහුණ දෙමින් එම ජනයාගේ අඳෝනාවලට කාරුණික සවන්දීමක් සිදු කිරීම ජවිපෙට ඇති එකම විකල්පයයි. මේ සඳහා යල්පැනගිය මාක්ස්වාදී මුලධර්’ම වලටද ජවිපෙ සමු දිය යුතු අතර මෙයට දේශපාලන දිරිය සහ නිර්’මාණශීලීත්වය අත්‍යවශ්‍ය වෙයි.
අනෙක් අතට, මහින්ද සහ සමාගමේ ඡන්ද පදනම විනිවිද යන්නට ජ.වි.පෙ සමත්ව ඇති බවද මෙවර ජනාධිපතිවරණ ප්‍රතිඵල දෙස බැලූ විට පැහැදිලි වෙයි. මෙහි කැපී පෙනෙන කරුණක් නම් කොටින් පරාජය කර ඒකීය රටක් තහවුරු කිරීමේ මහින්ද රාපක්‍ෂගේ ක්‍රියාවලියට අතීතයෙහි ජවිපෙ සහය දැක්වූ බවයි. කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණේ අතීත ස්ථාවරය සහ වත්මන් ක්‍රමෝපායන් දෙස යොමු කළ යුතු දෙමළ ජනයාගේ ප්‍රශ්න වලට අර්’ථවත් විසඳුම් සෙවීමට ජවිපෙ කටයුතු කරනු ඇතිද යන්න සැක සහිතය. මෙය වඩාත් පුළුල් ජාතික සමගියක් සඳහා වන ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂාවලට බාධාවක් විය හැකිය.
මධ්‍යස්ථ මත දරන දෙමළ ජාතිකවාදීන් ශ්‍රී ලංකාවේ ඒකීයභාවයට හානියක් නොවන පුළුල් විසඳුමකට දායක් වන්නට කැමැත්ත පළ කරන නමුත්, සිංහල ජනයා සමග සාමකාමීව සහජීවනයෙන් වාසය කිරීමට දෙමළ ජනයා දක්වන කැමැත්ත බොහෝ සෙයින් සිංහල – බෞද්ධ බහුතරය නොසලකා සිටීම උක්ත මධ්‍යම දෙමළ දායකත්වය පුලුල් කරමින් සිටියි.
බොහෝ සිංහලයන්ට ඒකීය රාජ්‍ය ව්‍යූහය සංරක්‍ෂණය කරන ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ අවධාරණය, සාමූහික ආරක්ෂාවක හැඟීමක් ශක්තිමත් කිරීමට ඉවහල්වී ඇත. මෙය ගැඹුරින් මුල් බැස ඇත්තේ 5 වන සියවසෙහි ලිඛිත සිංහල ඉතිහාසයේ වංශකථාව වන මහාවංශයෙහිය. සාමාන්‍ය සිංහල ඡන්දදායකයන් – විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණට සහය දුන් ග්‍රාමය ප්‍රදේශවල ඡන්දදායකයන් විශ්වාස කරන්නේ ඒකීය ව්‍යවස්ථාවෙත් ආරක්ෂාව ලැබෙනු ඇත. එය ධරිදූතාවයෙන් මිදීමට මගක් පාදනු ඇත. එයට පටහැනිව, දෙමළ ජනයා මෙම තත්ත්වය සලකන්නේ විභව රාජ්‍ය පීඩනයේ ඉගියක් ලෙසිනි.
මේ සැම සැලකිල්ලට ගන්නා කල, බලය බෙදීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ සිය අතීත ස්ථාවරය සැලකිය යුතු ලෙස වෙනස් කරනු ඇත හෝ සුළුතර ප්‍රජාවන්ගේ අභිලාෂයන් පිළිගන්නා ප්‍රතිපත්ති වැලඳ ගනු ඇතය යන විශ්වාසය යථාර්’තයක් විය හැකිද යන්න සැක සහිත යැයි සුළුතර ජනකොටස් සිතති.
ජවිපෙ ඉදිරියට ගත යුතු පියවර කිහිපයක්
1. උඩු දිව ගොස් ඇති සුළුතරයේ මැසිවලිවලට පිළියම් සෙවීම
ඉන්දු-ලංකා සාම ගිවිසුමට දැක්වූ විරෝධය සහ අයිතීන් සම්බන්ධ දෙමළ ජනාගේ ආයාචනාවලට ප්‍රචණ්ඩ ලෙසින් එරෙහිව වීම ඇතුළු සිය අතීත අසාධාරණයන් ජවිපෙ අවංකව හඳුනාගෙන ඒවාට පිළියම් යෙදිය යුතුය. දෙමළ ජනයාගේ මැසිවිලි වලට අව්‍යාජ ලෙසින් සවන් යොමු කිරීම, එම ජනයාගේ විශ්වාසය දිනා ගැනීමට ජවිපෙට ඇති එකම මගයි.
2. ෆෙඩරල් ක්‍රමවේදයක් ප්‍රවර්’ධනය කිරීම
උතුරු නැගෙනහිර පළාත්වලට සැලකිය යුතු ස්වයං පාලනයක් ලබා දෙන ෆෙඩරල් ක්‍රමයක් සඳහා පෙනී සිටීම සුළුතර ප්‍රජාවන්ගේ අභිලාෂයන් විසඳීමට මග පාදනු ඇත. මෙවන් ප්‍රවේශයක් දෙමළ සහ මුස්ලිම් ජනතාවගේ සුවිශේෂී සංස්කෘතික අනන්‍යතා මෙන්ම දේශපාලන අවශ්‍යතා හඳුනාගැනීමේ කැපවීමක්ද ඉගි කරනු ඇත.
3. ඵලදායි සංවාදයක යෙදීම
උතුරු නැගෙනහිර ප්‍රජා නායකයින් සහ සිවිල් සමාජ සංවිධාන සමඟ විවෘත සන්නි වේදන මාර්’ග ඇති කර ගැනීම විශ්වාසය ගොඩ නැඟීමට ඉවහල් විය හැකිය. නිත්‍ය උපදේශන මගින් මෙම ප්‍රජාවන්ගේ මැසිවිලි සහ අභිලාෂයන් අවබෝධ කරගන්නට ජනතා විමුක්ති පෙරමුණව හැකි වනු ඇත.
4. ආර්ථික සංවර්ධනයට අවධානය යොමු කිරීම
උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල ඉලක්කගත ආර්ථික සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීමෙන් මෙම ප්‍රජාවන්ගේ ජීවන තත්වය වැඩිදියුණු කිරීම සඳහා කැපවීමක් ජවිපෙට පෙන්නුම් කළ හැකිය. යම් ජනකොටස්වල හොඳ හිත දිනා ගැනීම සහ විශ්වාසය ගොඩනගා ගැනීම විෂයයෙහි ආර්ථික සවිබල ගැන්වීම් ඉතා ඵලදායී පියවර බවට විතර්’කයක් තිබිය නොහැකිය.
5. සුළුතර අයිතීන් වෙනුවෙන් පෙනී සිටීම
දෙමළ හා මුස්ලිම් ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන සහ වැඩිදියුණු කරන ප්‍රතිපත්ති ක්‍රියාකාරීව ප්‍රවර්ධනය කිරීමට ජවිපෙ පියවර ගත යුතුය. භාෂා අයිතිවාසිකම්, සංස්කෘතික සංරක්ෂණය සහ රජය තුළ සාධාරණ නියෝජනය වෙනුවෙන් පෙනී සිටීම මෙයට ඇතුළත් වේ.
6. සාමය මුල් කරගත් කතිකාවකට මුල පිරීම
සාමය, සංහිඳියාව සහ සහජීවනය අවධාරණය කිරීම මූලිකර ගත් පක්ෂයේ පණිවිඩය නැවත සකස් කිරීම ජනතා විමුක්ති පෙරමුණ සිය දෘෂ්ඨි කෝණ වෙනස් කර ඇති බව ප්‍රදර්ශනය කිරීමට උපකාරී වනු ඇත. එනම් සියලු ජනකොටස් අතර සහජීවනයට මුල් තැන දෙන පක්ෂයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණට සිය ප්‍රතිරූපය ප්‍රතිස්ථාපනය කර ගත යුතුය.
7. සංක්‍රාමික යුක්තියේ යාන්ත්‍රණයකට සහය දැක්වීම
අතීතයේ සිදුවූ මානව හිමිකම් උල්ලංකණ විමර්ශනය කිරීමට සහ වගකිව යුත්තන්ට නිසි දඩුවම් ලබා දීමද සුළුතර කොටස්වල පරණ තුවාල සුව කිරීමට පිහිට වනු ඇත. වින්දිත ජන කොටස්වලද සහභාගීත්වයෙන් යුත් සත්‍ය ඝවේෂණය කරන කොමිසම් පත් කිරීම හොඳ මුලාරම්භයකි.
8. දැනුවත් කිරීමේ වැඩමුළු සංවිධානය කිරීම
ජනවාර්ගික සංහිදියාවේ වැදගත්කම සහ එක්සත් ශ්‍රී ලංකාවකට ජාත්‍යන්තර වශයෙන් අත් වන වාසි පිළිබඳව දැනුවත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සැලසුම් සම්පාදනය කළ යුතුය. අතීතයේ සිට ජවිපෙ සම්බන්ධව පැවත එන වැරදි වැටහීම තුරන් කිරීමට මෙය පිහිට වනු ඇත.
9. සිවිල් සමාජය සමග සහයෝගයෙන් කටයුතු කිරීම
පෙදෙසේ රාජ්‍ය නොවන සංවිධාන සහ ප්‍රජා සංවිධාන සමඟ හවුල්ව කටයුතු කිරීම හරහාද උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල බිම මට්ටමේ සහයෝගය ගොඩනගා ගැනීමට සහ එහි විශ්වසනීයත්වය ඉහළ නැංවීමට ජනතා විමුක්ති පෙරමුණට හැකි වනු ඇත. එමෙන්ම ප්‍රජා සංවර්ධන ව්‍යපෘති වලට සහයෝගය දැක්වීමෙන්ද සුළුතර විශ්වාසය වර්’ධනය කරන්නට පක්ෂයට හැකිය.
10. සාධනීය දේශපාලන මතවාදයක් වැළඳ ගැනීම
දහනවවන සියවසේ මාක්ස්වාදී දෘෂ්ටිවාදයෙන් ඉවත් වී වඩාත් අන්තර්’ගතික සහ නුතන යුගයට සරිලන ප්‍රායෝගික දේශපාලන ප්‍රවේශයක් වැලඳ ගැනීම, විවිධ පූජාවන් සමඟ වඩා හොඳින් අනුගත වීමට ජනතා විමුක්ති පෙරමුණට උපකාරි වනු ඇත. මේ සඳහා ශ්‍රී ලංකාවේ ජනවාර්’ගික භූ දර්ශනයේ සංකීර්ණතා ප්‍රගුණ කිරීම සහ ඒවාට අනුගත වීමේ කැමැත්තක් අවශ්‍ය වේ.
නිගමනය
ජනතා විමුක්ති පෙරමුණේ දිගු කාලීන සාර්’ථකත්වයට සහ ජාතික සංහිඳියාවේ පුළුල් ඉලක්කය සඳහා උතුරු නැගෙනහිර දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවන්ගේ විශ්වාසය දිනා ගැනීම අත්‍යවශ්‍ය වේ. මෙම උපාය මාර්ග ක්‍රියාවට නැංවීමෙන් පනතා විමුක්ති පෙරමුණට සියලු ශ්‍රී ලාංකිකයන්ගේ අවශ්‍යතා සහ අපේක්‍ෂා ආමන්තුණය කිරීමට සැබෑ කැපවීමක් ප්‍රදර්ශනය කළ හැකි අතර එය වඩාත් අන්තර්කරණීය දේශපාලන පරිසරයක් නිර්’මාණය කිරීමට තුඩු දෙනු නිසැකය.
සාරාංශයක් ලෙසින් ගත් කල පසුගිය ජනාධිපතිවරණ ප්‍රතිඵල මගින් ශ්‍රී ලංකාවේ දේශපාලන පරිසරයේ ඇති සංකීර්ණතා පමණක් නොවේ, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලුම දේශපාලන පක්ෂවලට ජාතියේ විවිධ හඬවල් සමඟ නිර්මාණශීලීව සම්බන්ධ වීමේ දැඩි අවශතාවද පැහැදිලි විය. එක්සත් සහ සුහදශීලි ශ්‍රී ලංකාවක් බිහි කිරීම සඳහා මෙම විෂමතා ආමන්ත්‍රණය කිරීම අත්‍යවශ්‍ය බව ජනතා විමුක්ති පෙරමුණ අවබෝධ කර ගන්නේ නම් එය දැයේ භාග්‍යයකි.
ආචාර්ය. ඒ.ආර්.එම්. ඉමිතියාස්ගේ පර්යේෂණ ප්‍රධාන වශයෙන් ජාතිකවාදය, ශ්‍රී ලංකාවේ සහ චීනයේ වාර්ගික ගැටුම් කෙරෙහි අවධානය යොමු කරයි. ඔහුගේ ලිපි වර්ල්ඩ් එෆෙයාස්, ඒමයන් එත්නිසිටි, ජර්නල් ඔෆ් ඒෂියා ඇන්ඞ් ඇෆ්රිකා සහ සවුත් ඒෂීයා ඇතුළු ඉහළ පෙළේ ජගත් සඟරාවල පුළුල් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. ඔහුගේ සම්පාදන බොහෝ විට දේශපාලනය, අනන්‍යතාවය සහ ගැටුම් යන ඡේදනය ගවේෂණය කරන අතර වාර්ගික සුළුතරයන් මුහුණ දෙන සංකීර්ණ යථාර්’ථයන් පිළිබඳ සියුම් අවබෝධයක් එම කෘතින් ලබා දෙයි. mohamedimtiyaz@yahoo.com යන විද්‍යුත් ලිපිනය ඔස්සේ ඔහු හා සම්බන්ධ විය හැකිය.