නායයෑම් අනතුරු ඇඟවීම් දීර්’ඝ කෙරේ

0
64

NEWSNOW| – කාලගුණය තවදුරටත් අයහපත් වීම නිසා ප්‍රදේශ කිහිපයක් සඳහා නාය යෑමේ අනතුරු ඇඟවීම්  තවදුරටත් දීර්ඝ කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද (11) පස්වරු 4.00 සිට හෙට (12) පස්වරු 04.00 දක්වා ක්‍රියාත්මක බවයි.

ඒ අනුව පහත සඳහන් දිස්ත්‍රික්කවලට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර 2 යටතේ මෙන්ම අදිරය 1 යටතේ අනතුරු ඇඟවීම් නිවේදනය නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධිර මහතා පැවසීය.

අනතුරු ඇඟවීමේ මට්ටම 2 – අවදානයෙන් සිටින්න

කොළඹ දිස්ත්‍රික්කය – සීතාවක, ⁠පාදුක්ක

කළුතර දිස්ත්‍රික්කය– වලල්ලාවිට, හොරණ, ⁠ඉංගිරිය, මතුගම, දොඩංගොඩ, බුලත්සිංහල, පාලින්දනුවර, අගලවත්ත

කෑගල්ල දිස්ත්‍රික්කය – රුවන්වැල්ල, යටියන්තොට, දෙහිඕවිට, වරකාපොළ, බුලත්කොහුපිටිය, කෑගල්ල, මාවනැල්ල, අරණායක

රත්නපුර දිස්ත්‍රික්කය – ඇහැළියගොඩ, කිරිඇල්ල , ⁠අයගම, ⁠ඇලපාත, කලවාන, රත්නපුර, කුරුවිට

අනතුරු ඇඟවීමේ මට්ටම 1 – විමසිලිමත් වන්න    

බදුල්ල දිස්ත්‍රික්කය– ඇල්ල, හාලි ඇල, පස්සර

ගාල්ල දිස්ත්‍රික්කය – යක්කලමුල්ල, නියාගම

කළුතර දිස්ත්‍රික්කය – බේරුවල

කෑගල්ල දිස්ත්‍රික්කය – ගලිගමුව

කුරුණෑගල දිස්ත්‍රික්කය – නාරම්මල, පොල්ගහවෙල, අලව්ව

නුවරඑළිය දිස්ත්‍රික්කය – අඹගමුව

රත්නපුර දිස්ත්‍රික්කය – කහවත්ත, ඕපනායක, පැල්මඩුල්ල, ⁠නිවිතිගල