බීච් ක්‍රාෆ්ට් කින්ග් එයාර් (360 ER) වර්ගයේ නව නිරීක්ෂණ ගුවන් යානාවක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට නිළවශයෙන් භාරදෙයි

0
53

NEWSNOW| –  ඇමරිකානු එක්සත් ජනපද රජය විසින් ප්‍රධානයක් ලෙස ශ්‍රි ලංකාවට ලබාදෙනු ලැබු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිරික්ෂණ ගුවන් යානා සංචිතයට එක්වන නව බීච් ක්‍රාෆ්ට් කින්ග් එයාර් 360ER (Beechcraft King Air360 ER {Extended Range}) වර්ගයේ නිරීක්ෂණ ගුවන් යානය පිළිගැනිමේ අවස්ථාව සදහා ගරු ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත මැතිතුමන්. ශ්‍රී ලංකාවේ ඇමරිකානු එක්සත් ජනපද තානාපතිණි ජුලී චන්ග් මැතිණිය, ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා සහ ඇමරිකානු එක්සත් ජනපද නාවික හමුදා‌‌ෙව් පැසිෆික් බලඇණියේ ආඥාපති අද්මිරාල් ස්ටීවන් කෝලර් මහතා 2024 ඔක්තොම්බර් මස 10 වන දින කටුනායක ශ්‍රී ලංකා ගුවන් හමුදා කදවුරේදි එක්වන ලදි .

ශ්‍රී ලංකා ගුවන් හමුදා අංක 03 සමුද්‍රිය බලඝණයට (No 3 Maritime Squadron) අනුයුක්තව රාජකාරි ඇරඹීමට නියමිතව මෙම නව බීච් ක්‍රාෆ්ට් කින්ග් එයාර් 360ER (Beechcraft King Air 360 ER) ගුවන් යානය ගුවන් හමුදා සම්ප්‍රධයානුකූලව ජල අචාරය (Water Salute) සිදුකරමින් පිළිගනු ලැබු ලැබිය.

ඇමරිකානු එක්සත් ජනපද රජය විසින් ප්‍රධානයක් ලෙස ශ්‍රි ලංකාවට ලබාදෙනු ලැබු මෙම බීච් ක්‍රාෆ්ට් කින්ග් එයාර් 360ER (Beechcraft King Air360 ER) නිරික්ෂණ ගුවන් යානය නිල වශයෙන් භාර දීමේ සහ භාර ගැනීමේ ලේඛනයන් සදහා ඇමරිකානු එක්සත් ජනපද නාවික හමුදා‌‌ෙව් පැසිෆික් බලඇණියේ ආඥාපති අද්මිරාල් ස්ටීවන් කෝලර් මහතා සහ ශ්‍රි ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා විසින් අත්සන් තබන ලදි.

ශ්‍රී ලංකාවේ සමුද්‍ර නිරීක්ෂණ සහ ආපදා ප්‍රතිචාර දැක්වීම වැඩිදියුණු කිරීම වෙනුවෙන් සමුද්‍රිය නිරික්ෂණ වර්ගයේ ගුවන් යානාවක් ලබා ගැනීම පිළිබද අවධානය යොමු කරමින් 2019 වර්ෂයේ සිට ශ්‍රී ලංකාව සහ ඇමරිකානු එක්සත් ජනපද රජය අතර සාකච්ඡා වට කිහිපයක්ම පවත්වනු ලැබු අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඇමරිකානු එක්සත් ජනපද රජය විසින් නව බීච් ක්‍රාෆ්ට් කින්ග් එයාර් 360ER වර්ගයේ ගුවන් යානයක් ප්‍රධානයක් ලෙස ශ්‍රි ලංකාවට ලබාදිම කැමැත්ත ප්‍රකාශකරන ලදි.

බහු කාර්ය ගුවන් යානාවක් ලෙස කටයුතු සිදු කිරිමට හැකියාව ඇති බීච් ක්‍රාෆ්ට් කින්ග් එයාර් 360 ER ගුවන් යානය පිළිබද ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් නියමුවන්, නිරීක්ෂකයින්, ගුවන් ඉංජිනේරුවන් සහ තාක්ෂණික ශිල්පීන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් ඇමරිකා එක්සත් ජනපදයේදි අධ්‍යනය හා පුහුණුව ද ලබා ඇති අතර මෙම බීච් ක්‍රාෆ්ට් කින්ග් එයාර් 360 ER නිරික්ෂණ ගුවන් යානය ටර්බෝප්‍රොප් (Turboprop) වර්ගයේ ද්විත්ව එන්ජින් (Twin-engine) සහිත එක් ගුවන් ගමනකදි නාවික සැතපුම් 1450 දුරක් ගමන් කිරිමේ හැකියාවක් ඇති නවින නිරික්ෂණ ගුවන් යානයක් (Multirole Light Transport Aircraft) වන අතර එය ඇමරිකාවේ Textron Aviation ගුවන් සමාගමේ නිෂ්පාදනයක් වේ.

ශ්‍රී ලංකා ගුවන් සීමාව ( Flight Information Region – FIR ) හා සුවිශේෂි ආර්ථික කලාපය (Exclusive Economic Zone – EEZ) තුළ බීච් කින්ග් එයාර් 360 ගුවන් යානා ඵලදායී ලෙස යොදාගනිමින් සමුද්‍රිය වසම් දැනුවත් කිරිමේ (Maritime Domain Awareness – MDA) විෂයට අදාල රාජකාරින් වන සමුද්‍රිය සහ වෙරළ නිරීක්ෂණ මෙහෙයුම් (Maritime and Coastal Surveillance Operations) බුද්ධි නිරික්ෂණ ඔත්තු බැලිමේ මෙහෙයුම් (Intelligence Surveillance Reconnaissance ISR ) මානුෂිය ආධාර හා ආපදා සහන මෙහෙයුම් (Humanitarian Assistance and Disaster Relief HADR) සෙවීමේ සහ මුදාගැනීමේ මෙහෙයුම් (Search and Rescue Operations), සමුද්‍රිය දූෂණය නිරීක්ෂණය සහ පාලනය (Maritime Pollution Monitoring and Control) කිරීමේ කටයුතු පූළුල් කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දැක්ම වන ගුවන් බලය ඵලදායී ලෙස යෙදවීම තුළින් ජාතික ආරක්‍ෂාව සහතික කිරීම සදහා කටයුතු කරනු ඇත.