රජයේ වාහන අවභාවිත ගැන තොරතුරු දෙන්නැයි පොලිසියෙන් ජනතාවට ඉල්ලීමක්

0
116
NEWSNOW | – රජයේ වාහන අවභාවිත කිරීම් පිළිබඳ තොරතුරු දන්නේ නම් ශ්‍රී ලංකා පොලීසියේ 1997 විශේෂ දුරකථන අංකයට දැනුම්දෙන ලෙසට පොලිසිය ජනතාවට දැනුම් දීමක් කරයි.
රජය විසින් විවිධ කාර්’යන් සඳහා නිකුත් කරන ලද වාහන යම් ස්ථානයක වංචා සහගත ලෙස හෝ නීතිවිරෝධීව සඟවා තිබෙන බවට හෝ යම්කිසි ආකාරයකට කොටස් කර සඟවා තබා තිබෙන බවට හෝ එසේම යම් යම් ස්ථානවල නවතා තබා අබලන්වීමට ඉඩහැර තිබෙන බවට හෝ යම් තොරතුරක් දන්නේ නම් වහාම දැනුම්දෙන ලෙස නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පැවසුවේය.
මෙම දුරකථන අංකය දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක ය.
තොරතුරු ලබා දෙන්නන්ගේ අනන්‍යතාවය සම්පූර්’ණයෙන්ම ආරක්ෂා කරන බවත් තොරතුරු සපයන්නන්ගේ අනන්‍යතාවය හෙළිකිරීම අත්‍යවශ්‍ය නොවන බවද පොලීසිය පවසයි.
නමුත් සත්‍ය තොරතුරු පමණක් ලබාදිය යුතු අතර අසත්‍ය තොරතුරු ලබා දෙන්නන්ට එරෙහිව නීත්‍යනුකූලව කටයුතු කරන බවද පොලීසිය අවධාරණය කරයි.