NEWSNOW| – 2024 පාර්මැලිමේන්තු මැතිවරණයට අදාළව නාමයෝජනා භාරගැනීමේ කටයුතු අද මධ්‍යහන 12න් අවසන් වන බව මැතිවරණ කොමිසම දැනුම් දෙයි.
ඊට අදාළ විරෝධතා ගොනුකිරීම සඳහා පස්වරු 1:30 දක්වා කාලය ලබාදී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව කියයි.
මෙවර මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් 349ක් ඇප මුදල් තැන්පත් කර තිබේ.
එමෙන්ම, දේශපාලන පක්ෂ 147ක් සහ ස්වාධීන කණ්ඩායම් 94ක් ඊයේ දිනය වනවිට නාමයෝජනා භාරදී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.
මැතිවරණ වියදම් නියාමන පනතට අනුව මහ මැතිවරණයට අදාළව එක් එක් අපේක්ෂකයින් විසින් වියදම් කළ යුතු මුදල් ප්‍රමාණය පිළිබඳව ඉදිරියේදී දැනුම්වත් කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
නාමයෝජනා භාරදීම සිදුකරනු ලබන කාලසීමාව තුළ දිවයින පුරා පිහිටි සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාල ආශ්‍රිතව සහ රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්ප දසති නිහාල් තල්දූව මහතා පැවසීය.
