රසායන විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය තිදෙනෙකුට

0
159

NEWSNOW| –  ස්වීඩන රාජකීය ඇකඩමිය පිරිනමන රසායන විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගයේ ජයග්‍රාහකයින් අද (09) නම් කර තිබේ.

ඒ අනුව එය හිමිවී ඇත්තේ අමෙරිකානු ජාතික ඩේවිඩ් බේකර්, බ්‍රිතාන්‍ය ජාතික ඩෙමිස් හසාබිස් සහ ජෝන් ජේ. ජම්පර් යන විද්‍යාඥයින් වෙත බව විදෙස් මාධ්‍ය පවසයි.

ප්‍රෝටීනයක පරිගණකගත ආකෘතිය සැකසීම වෙනුවෙන් මෙවර නොබෙල් ත්‍යාගයේ අර්ධයක් ඩේවිඩ් බේකර් වෙත ප්‍රදානය කර ඇත.

ත්‍යාගයේ ඉතිරි අර්ධය ප්‍රෝටීනයේ ව්‍යුහය අනුමාන කිරීම සම්බන්ධයෙන් ඩෙමිස් හසාබිස් සහ ජෝන් එම්. ජම්පර් යන විද්‍යාඥයින් වෙත පිරිනැමිණු බව විදෙස් මාධ්‍ය පවසයි.