NEWSNOW| – නව ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) එයාර් වයිස් මාර්ෂල් සමිපත් තුයියකොන්ත මහතා ආරක්ෂක ලේකම් ධුරයට පත්විමෙන් අනතුරුව අද දින (07) පෙරවරුවෙි ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ නිළ සංචාරයක නිරිත වු අතර එහිදි ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා හා ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) එයාර් වයිස් මාර්ෂල් සමිපත් තුයියකොන්ත මහතා අතර නිළ හමුව සිදුවිය.
ආරක්ෂක ලේකම් ධුරයට පත්වීමෙන් පසුව සාම්ප්‍රධානකූලව සිදුකරනු ලබන නිළ සංචාරය සදහා ගුවන් හමුදා මුලස්ථානය වෙත පැමිණි ආරක්ෂක ලේකම් තුමන් කොළඹ ගුවන් හමුදා කදවුරු අණදෙන නිළධාරි එයාර් කොමඩොර් රුවන් චන්දිම නිළධාරිතුමන් විසින් පිළිගත් අතර ගුවන් හමුදා වර්ණ පක්ෂාංගය විසින් ගෞරව සමිමාන මුරයක්ද පිරිනමන ලදි.
අනතුරුව ගුවන් හමුදා මූලස්ථානට පැමිණි ආරක්ෂක ලේකම් තුමන් හා ගුවන් හමුදාධිපතිතුමන් සාකචිඡාවක නිරතවු අතර මෙම හමුව සිහිපත් විම පිණිස සමරු ඵලක හුමවාරුවක්ද සිදුකරන ලදි
ගුවන් හමුදා මුලස්ථානයට පැමිණි ආරක්ෂක ලේකම් තුමන් විසින් ගුවන් මෙහෙයුම් මැදිරිය ඇතුළු සුවිශේෂි ස්ථානයන් රුසක් නිරික්ෂණය කරනු ලැබු අතර ගුවන් හමුදා සාමාජිකයන් හා සිවිල් සේවක මහතුන් ඇමතිමද සිදුකරන ලදි.
මෙම අවස්ථාව සදහා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානි තුමන් ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයේ නිලධාරින් ද ගුවන් හමුදා ඡ්‍යේෂ්ඨ නිළධාරින්, සෙසු නිළයන් හා සිවිල් සේවක මහතුන් ඇතුලු පිරිසක් ද සහභාගී විය.