NEWSNOW | – පලස්තීන ඊශ්‍රායල සටනට වසරක් ගතව තිබෙන තත්වයක ගාසා තීරයෙහි ඊශ්‍රායලය සිදු කරන සමුළ ඝාතනය හෙළා දකිමින් ලොව පුරා රටවල දස දහස් ගණනින් වීදි බැස උද්ඝෝෂණ පැවැත්වුහ.
ඉන්දුනීසියානු අගනුවර වන ජකර්’තාවෙහි පලස්තීනයට සහය දක්වමින් විරෝධතාකරුවන් දහසකට වැඩි පිරිසක් එරට එක්සත් ජනපදයේ තානාපති කාර්’යාලය ඉදිරිපිට රැස්ව ඊශ්‍රායලයට ආයුධ සැපයීම එක්සත් ජනපදය වහා නැවැත්විය යුතුය යැයි උද්ඝෝෂනය කළහ.
‘පලස්තීන වැසියන් මත ඊශ්‍රායලය මුදා හැර ඇති මර්’ධනයෙන් ඔවුන්ව ගලවා ගන්නා මෙන්ම ලොව සියලුම නායකයන්ට අප ආයාචනා කරමු’ යැයි උද්ඝෝෂනයට සහභාගි වු පුද්ගලයෙක් පැවසීය. එමෙන්මිදැන් මෙය හුදුවේ ආගමික ප්‍රශ්නයක් නොවන නිසා මුස්ලිම් හෝ මුස්ලිම් නොවන්නන් යන භේද පසෙකලා මනුෂ්‍යයන් හැටියට මෙම අර්’බුදයට අවධානය යොමුකළ යුතු මානුෂීය ප්‍රශ්නයක් බවට පත්ව ඇත යැයිද ඔහු පෙන්වා දුන්නේය.

මේ අතර පිලිපීනයේ, වාමාංශික ක්‍රියාකාරීන් විශාල පිරිසක් මැනිලා නගරයේ එක්සත් ජනපද තානාපති කාර්’යාලය ඉදිරිපිට විරෝධතා දැක්වූ අතර එවිට පොලිසිය විසින් විසරුවා හරින ලදි.
‘ඊශ්‍රායලය ජාතිවාදී රාජ්‍යයකි’ යැයි හඬ නගමින් දකුණු අප්‍රිකාවේ කේප් ටවුන්හි සිය ගණනක් එරට පාර්’ලිමේන්තුව දක්වා පාගමනක් සංවිධානය කර තිබුනි. මෙයට සමගාමීවිඅපි සියල්ලෝම පලස්තීනුවන්ය’” යන සටන්පාඨය සහිත උද්ඝෝෂකයන් කණ්ඩායමක් ජොහැන්නස්බර්ග් සහ ඩර්’බන් යන නරගවලද පාගමන් සැලසුම් කර තිබුණි.
එදිනම වෙන්සයුලාවේ අගනුවර කැරකාස්හි පැවති පලස්තීන හිතකාමි පෙලපාලියට සිය ගණනින් එක් වී එරට එක්සත් ජාතීන්ගේ සංවිධානෙය් මූලස්ථානය ඉදිරිපිට පලස්තීන ධජ ලෙලවමින් විරෝධතාවයෙහි නිරත වූහ. පසුව පලස්තීනුවන්ට එරෙහි ජන සංහාරය වහා නතර කරන ලෙස ඉල්ලා අරගලකරුවන් එම කාර්’යාලයට පෙත්සමක්ද භාර දුන්හ.

මේ අතර ඉතාලි අගනුවර රෝමයේද ඊශ්‍රායලයේ අමානුෂික ක්‍රියා හෙළා දකිමින් උද්ඝෝසණ පැවත්විණි. ආරම්භයෙහි සාමකාමීව තිබුනු එම උද්ඝෝෂණයට එරෙහි පොලසිය විසින් ජල ධාරා සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරන ලදුව එය ප්‍රචණ්ඩකාරි මුහුණුවරක් ගත්තේය. රෝම පොලිසිය පැවසුවේ ආරක්‍ෂක සහ රථවාහන තදබද හේතු මුල් කර ගනිමින් නගර මධ්‍යයට යාම උද්ඝෝෂකයන්ට තහනම් කර තිබු තත්වයක පොලියේ එම නිර්’දේශ නොතකා උද්ඝෝෂකයන් නගර මධ්‍යයට ඇතුල් වන්නට උත්සාහ කළ නිසා තමන්ට ඔවුන් වැළැක්වීමේ අවම පියවර ගන්නට සිදු බවයි. මෙනිසා ඇති වුනු ගැටුම් නිසා පොලිස් නිලධාරීන් තිහක් පමණද අරතලකරුවන් දෙදෙනෙකුද තුවාල ලැබුහ.

එක්සත් රාජධානියේ ලන්ඩන් නුවරද පලස්තීන ගැති උද්ඝෝෂන පැවති අතර මෙයට හතළිස් දහසමක් පමණ සහභාගී වුහ. මෙම උද්ඝෝෂනය එරට මෙම වසරේ පැවති විශාලතම රැලිය යැයි බලධාරීන් පැවසුහ. ‘අප වැන්නන් සාමකාමීව ලොව පුරා පවත්වන උද්ඝෝෂණ නොතකා ඊශ්‍රායලය සිය සැහැසිකම් උත්සන්න කරමින් තිබීම සැබවින්ම සංවේගය ගෙන දෙන්නකි. එමෙන්ම අපගේ රජයද කිඹුල් කඳුලු සලමින් වචනවලින් පමණක් පලස්තීනයට සහය දැක්වුවද නොකඩවා ඊශ්‍රායලයට අවි ආයුධ සපයමින් සිටිමද ඛෙදජනකය’ යයි උද්ඝොෂකයෙක් සිය කණස්සල්ල රොයිටර් මාධ්‍යකරුවෙකු හමුවේ පළ කළේය.

මේ අතර අයර්’ලන්ත අගනුවර ඩබ්ලිනයෙහිද සිය ගණනින් ජනයා වීදි පැස පලස්තීන ධජය වනමින් එහි සිදු වන ජනසංහාරය හෙළා දකිමින් උද්ඝෝෂන පැවැත්වුහ. මෙදිනම ප්‍රංශයේද අගනුවර පැරිසිය ඇතුලු රට පුරා ප්‍රධාන නගර කිහිපයක පලස්තීනයට සහය දක්වවමින් රැලි පවතවන ලදි. පලස්තීන – ඊශ්‍රායලය ගැටුම කලාපීය හෝ ගෝලීය යුද්ධයක් බවට වර්’ධනය වන්නට පෙර එය අවසන් කිරීම අතිශය වැදගත් යැයි එවිට අදහස් දැක්වු උද්ඝෝෂකයෙක් රෙයිටර් මාධ්‍යවේදියෙකුට පැවසීය. එමෙන්ම මෙම ගැටුම ආරම්භ වී වසරක් ඉක්මවා ඇති තත්වයක පවා ප්‍රංශය ඇතුලු ජාත්‍යන්තර ප්‍රජාව මේ සම්බන්ධ තීරණාත්මක පියවර කිසිවක් නොගෙන සිටීම ඉතා සංවේගජනක බවද ඔහු පැවසීය.

මේ අතර ස්පාඥ්ඥයේ මැඩිරිඩ් නගරයේ පැවති පලස්තීන හිතකාමි රෑලිවලටද දහස් ගණනින් සහභාගී වුහ. මෙයට සමපාතව එක්සත් ජනපදයේ ධවල මන්දිරය ඉදිරිපිට රැස්වු දහසක් පමණ විරෝධතාකරුවන් ඊශ්‍රායලයට අවි ආයුධ සැපයීම ඇමරිකාව වහා නැවැත්විය යුතය යැයි බල කරමින් උද්ඝෝෂණ කළහ. එක් පුද්ගලයෙක් තමාටම ගිනි තබා ගත් අතර එවිට අසල සිටියවුන් වහා ගින්න නිවා දැමුහ. ඒ වන විට එම පුද්ගලායාගේ එක් අතක් ගින්නෙන් සෑහෙන පමණ පිළිස්සී තිබුනු බවත් මාධ්‍ය ආයතනය පැවසීය.

ජර්’මනියේ හැම්බර්’ග් නුවරද දහසක් පමණ එක්ව පලස්තීන ධජය වනමින් ඊශ්‍රායලයේ මිලේච්ඡ ක්‍රියා සාමකාමී උද්ඝෝසණ මගින් හෙළා දුටු බව මාධ්‍ය ආයතනය වාර්’තා කළේය.
එමෙන්ම ස්විට්සර්’ලන්තය, ග්‍රීසිය ඇතුලු යුරෝපා රටවල් කිහිපයකද අප්‍රිකා, ආසියා සහ ඕස්ට්‍රේලියා මහාද්වීපවල රටවල් ගණනාවකද පලස්තීනයට සහය දක්වමින් හා ඊශ්‍රායලයේ සමුළ ඝාථණ හෙලා දකිමින් උද්ගෝෂණ පැවැත්විණි.


ගාසා සහ ඊශ්‍රායලය ගැටුම ආරම්භ වූයේ 2023 ඔක්තෝම්බර් 7 බව කිසිවෙකුට අමතක වී තිබෙන්නට බැරිය. එදින හමාස් නිදහස් සටන්කාමීන් ඊශ්‍රායලය තුලට කඩා වැදී හදිසි ප්‍රහාරයක් සිදු කළහ. එයින් දහසකට අධික යුදෙව්වන් මරුමුවට පත් වු අතර 200 කට වැඩි පිරිසක් හමාස් සංවිධානයේ ප්‍රාණ ඇපකරුවන් ලෙසින ගාසාවට පැහැරගෙන යන ලදි.
පසුව එවක් පටන් ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කරමින් සිටින නිමක් නැති ගුවන් ප්‍රහාර නිසා පලස්තීන සිවිල් වැසියන් 42,000 කට අධික සංඛ්‍යාවක් ඝාතණය වී මිලියන 23 ක් පමණ අවතැන්වී සිටිති. මේ වන විට ගාසාවෙහි දැඩි ආහාර පාන හා ඖෂධ හිගයක් මෙන්ම වසංගත බියක්ද පැතිරෙම්න් තිබේ.
මෙවන් තත්වයක දකුණු අප්‍රිකාව ප්‍රමුඛ රටවල් ගණනාවක් එක්ව ඊශ්‍රායලයට එරෙහිව සමුළ ඝාතණ නඩුවක් ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙහි ගොනු කළහ.