NEWSNOW | – එළැඹෙන ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් තරගාවලිය සඳහා මාර්’ග ගත ක්‍රමවේදය ඔස්සේ ප්‍රවේශපත්‍ර අලෙවිය ඔක්තෝබර් 6 වනදා සිට අරඹන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
www.srilankacricket.lk වෙබ් අඩවියට පිවිසීමෙන් අදාළ ප්‍රවේශපත්‍ර මිලදී ගත හැකි බව දැනුම් දෙයි.
මේ අතර කොළඹ 07 විද්‍යා මාවතේ සහ දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ස්ථාපිත ප්‍රවේශපත්‍ර කවුළු ඔක්තෝබර් 10 වනදා සිට විවෘත කෙරේ.
විස්සයි විස්ස තරග පැවැත්වෙන දිනවලදී දඹුල්ල ප්‍රාදේශීය සභා කාර්’යාලයේදී ද ප්‍රවේශපත්‍ර අලෙවි කෙරෙන අතර ඔක්තෝබර් 18 වනදා සිට පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ද ප්‍රවේශපත්‍ර අලෙවි කරයි. එක්දින ජාත්‍යන්තර තරග පැවැත්වෙන දිනවලදී බලගොල්ල අභීත ක්‍රීඩා පිටියේදී ද ප්‍රවේශපත්‍ර මිලදී ගත හැකිය.
මෙම ප්‍රවේශපත්‍ර කවුළු උදෑසන 9 සිට රාත්‍රී 8 දක්වා ද විද්‍යා මාවත ප්‍රවේශපත්‍ර කවුළුව සවස 5.30 දක්වාද අදාළ දිනවලදී විවෘතව තබන බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.