හිටපු රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මව්බිම ජනතා පක්ෂයට

0
115
NEWSNOW | – හිටපු රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අද (25) මව්බිම ජනතා පක්ෂයේ ජාතික සංවිධායක ලෙසපත් කෙරුණේය.
ඊට අදාළ පත්වීම් ලිපිය ලබාගත්තේ පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා අතිනි.
ඒ කොළඹ පිහිටි මව්බිම ජනතා පක්ෂ කාර්’යාලයේදීය.
මෙහිදී අදහස් දක්වමින් මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසා සිටියේ, “දිලුම් අමුණුගම සොහොයුරා අද අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ අපේ පක්ෂයේ, ජාතික සංවිධායක විදියට මෙය මව්බිම ජනතා පක්ෂයේ වැදගත් සංධිස්ථානයක්” බවයි.