නව විදේශ අමාත්‍යවරයා සෞදි අරාබියේ 94 වන ජාතික නිදහස් දිනයට සහභාගී වෙයි

0
180
NEWSNOW | – සෞදි අරාබියේ 94 වන ජාතික නිදහස් දිනය පසුගිය 23 වනදා යෙදී තිබිණ.
ඊට සමගාමීව මෙරට සෞදි තානාපති කාර්’යාලයේ විශේෂ උත්සවයක් ඊයේ (24) පැවැත්විණ.
නව ආණ්ඩුවේ විදේශ අමාත්‍යවරයා ලෙස විජිත හේරත් මහතා සෞදි ජාතික දිනයට සහභාගී වී තිබේ.
එම උත්සවය අමතමින් ඔහු සඳහන් කර සිටියේ දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තීමත් කිරීමට කැප වෙන බවයි.
එසේම දෙරට අතර පවතින්නේ ඉතා වැදගත් නොබිදෙන සබඳතාවයක් බවත් ඉදිරියටත් මේ ආකාරයටම දෙරට අතර සබඳතාව පත්වා ගැනීමට කටයුතු කරන බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.