2024 ජනාධිපතිවරණය නිරීක්‍ෂණයට කැෆේ සංවිධානයෙන් ජංගම නිරීක්ෂකයින් 1750ක්

0
44
NEWSNOW | – 2024 ජනාධිපතිවරණ පූර්’ව මැතිවරණ සමයේ මැතිවරණ නිරීකෂණ කටයුතු සඳහා කැෆේ සංවිධානයෙන් දිස්ත්‍රික් මැතිවරණ නිරීක්‍ෂකයින් 26ක්, දිගු කාලීන නිරීක්ෂකයින් 40ක් නිරීක්‍ෂණ කටයුතු සඳහා යොදවා තිබුණි. එසේම සමාජ මාධ්‍ය නිරීක්‍ෂණය සඳහා කැෆේ මුලස්ථානයේ වෙනම ඒකකයක් පිහිටුවා සමාජ මාධ්‍ය හරහා අපේක්ෂකයින් අගතියට පත්වන ආකාරයෙන් හුවමාරු වූ වීඩියෝ, පොස්ට් සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම දැනුවත් කර ඒ සඳහා අවශ්‍ය පියවර ගත් බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ මනාස් මකීන් මහතා පැවසීය.
එසේම මැතිවරණ දිනයේ(21) නිරීක්ෂණ සඳහා නිරීක්ෂකයින් 1750 දෙනෙක් සහ ජංගම නිරීක්‍ෂණ රථ 160ක් යෙදවීමට සියළු කටයුතු සුදානම් කර තිබේ. 2024 ජනාධිපතිවරණය ආරම්භයේදී මැතිවරණ නිරීක්ෂණය සඳහා නිරීක්ෂකයින් 3500ක් යෙදවීමට අපේක්‍ෂා කළද, මතුවූ ප්‍රතිපාදන ගැටළු සහ පුර්ව මැතිවරණ සමයේ පැවති සාමකාමී තත්වය නිසා නිරීක්‍ෂකයින් 1750ක් යෙදවීමට කැෆේ සංවිධානය තීරණය කළේය.
මේ අනුව මැතිවරණ දිනය වන හෙට(21) දිනයේදීත්, පශ්චාත් මැතිවරණ සමයේදීත් සාමකාමී පරිසරයක් පවත්වා ගැනීමට සහයෝගය ලබා දෙන්නැයි සියළු දේශපාලන පක්‍ෂ වලින් සහ ආධාරකරුවන්ගෙන් කැෆේ සංවිධානය ඉල්ලීමක් කරයි.