අද කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක විශේෂ රථවාහන සැලසුමක්

0
41

NEWSNOW| – මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ප්‍රධාන අපේක්ෂකයින්ගේ අවසන් රැලි අද (18) පස්වරුවේ කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකදී පැවැත්වේ.

ඒ වෙනුවෙන් එම ස්ථාන ආශ්‍රිතව විශේෂ රථවාහන සැලසුමක් ක්‍රියාත්මක වන බව පොලීසිය පවසයි.

ඒ අනුව ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ අවසන් රැලිය කොස්ගස් හංදිය ප්‍රදේශයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ අවසන් රැලිය ද ටවර් හෝල් ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතය.

සර්වජන බලය ජනාධිපති ධුර අපේක්ෂක, ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ අවසන් රැලිය කොට්ටාව නගරයේදීත්, ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ අවසන් රැලිය නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී පැවැත්වැත්වෙනු ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ අවසන් ජන රැලිය පිළියන්දල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතිව තිබේ.

මේ අතර ජනාධිපතිවරණ අවසන් ප්‍රචාරක රැලි පැවැත්වෙන අද දිනයේදී කොළඹ නගරය, නුගේගොඩ, කොට්ටාව හාිි පිළියන්දල ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

මේ අතර අවසන් ප්‍රචාරක රැලි සඳහා විශේෂ ආරක්ෂාවක් සැපයීමට ද පොලීසිය සහ ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.