මැතිවරණ ප්‍රචාරන කටයුතු සඳහා ගුවන් හමුදාව සතු ගුවන් යානා භාවිතා කිරීම සම්බන්ධව

0
43

NEWSNOW | –  2024 ඡනාධිපතිවරණයට ඉදිරිපත්වන ඡනාධිපති අපේක්ෂකයන්ගේ මැතිවරණ ප්‍රචාරන කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු ගුවන් යානා අවභාවිතා කිරීම මැයෙන් මුද්‍රිත මාධ්‍යවල පුවත් වාර්’තා කර ඇති බව ගුවන් හමුදාවේ නිරීක්ෂණයට ලක් වී ඇත.

නිල ක්‍රියා පටිපාටිවලට අනුගත වෙමින් ජනාධිපති අපේක්ෂකයන්ට ඔවුන්ගේ මැතිවරණ ප්‍රචාරන කටයුතු වලදී අවශ්‍ය ගුවන් ප්‍රවාහන පහසුකම් මුදල් අයකිරීමේ පදනම මත, සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටියට අනුකූලව සිදු කර ඇති බව ගුවන් හමුදාව අවධාරණය කරනු ලබයි.

ගුවන් හමුදාව සම්බන්ධව පුවත් වාර්ථාකරනයේදී එහි අන්තර්’ගත කරුනුවල නිරවද්‍යතාවය පිළිබඳ ගුවන් හමුදා මාධ්‍ය අංශයෙන් තහවුරු කරගැනීමෙන් අනතුරුව පුවත් වාර්’තා කිරීම තුලින් වඩාත් නිරවද්‍ය වූ පුවත් මාධ්‍ය භාවිතා කරන්නට ලබාගත හැකි බව ගුවන් හමුදාව තව දුරටත් අවධාරණය කිරීමට කැමැත්තෙමු.