NEWSNOW| – 2025 සහ 2050 අතර කාලය පිළිබඳව ආන්දෝලනාත්මක අනාවරණයක් කර තිබේ.
ඒ ඖෂධවලින් පාලනය කළ නොහැකි බැක්ටීරියා සහ දිලීර වැනි රෝගකාරක හේතුවෙන් පුද්ගලයින් මිලියන 40කට ආසන්න පිරිසක් මරණයට පත්විය හැකි බවටය.
මෙය නවතම වාර්තාවකින් අනාවරණ වී ඇති බව ‘ද ලැන්කැස්ට්’ සඟරාවේ පළ කර ඇත.
මෙම තත්ත්වය නම් කර ඇත්තේ ‘සුපර්බග් ක්‍රයිසිස්’ එනම් ‘සුපර්බග් අර්බුදය’ ලෙසිනි.
ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා ඇත්තේ ඖෂධවලට ඔරොත්තු නොදෙන මෙවැනි ක්ෂුද්‍රජීවී රෝගකාරක, වර්ධනය වෙමින් පවතින ගෝලීය මහජන සෞඛ්‍ය අවදානමක් බවය.
පුද්ගලයින් මිලියන 520කට ආසන්න පිරිසක් යොදාගෙන කාලයක් පුරා සිදුකළ මෙම පර්යේෂණවලින් සොයාගෙන ඇත්තේ මෙම අර්බුදයේ වැඩි බලපෑම එල්ලවන්නේ වයස්ගත පුද්ගලයින්ට බවයි.