අසීරුවෙන් රට ලබාගත් ජයග්‍රහණය රැකගන්න ඡන්දය දෙන්නැයි රනිල් ඉල්ලයි

0
47
NEWSNOW | –  අසීරුවෙන් රට ලබාගත් ජයග්‍රහණය ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යාමට නම්
ගෑස් සිලින්ඩරයට ඡන්දය ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනතවගෙන් ඉල්ලා සිටී.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය හිමිව තිබෙන්නේ මේ වන විටත් ආණ්ඩුව ක්‍රියාත්මක කර ඇති වැඩසටහන සඳහා බව පැවසු ජනාධිපතිවරයා ජනතාව ඉදිරියට පැමිණ බොරු පොරොන්දු දෙන සජිත්ට හෝ අනුරට රට ඉදිරියට ගෙන යාමේ වැඩපිළිවෙළක් නොමැති බවද සඳහන් කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (16) පස්වරුවේ වැල්ලවායේ පැවති “රනිල්ට පුළුවන් ” විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.
“එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය
තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ මෙම ජන රැලියට අතිවිශාල ජනතාවක්
එක්ව සිටියහ. ජන රැලිය ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය
හම්බන්තොට කර්මාන්ත දියුණු වන විට එහි ආයෝජන කලාපයක් මෙම වැල්ලවාය
ප්‍රදේශයට ද ලැබෙනවා. ඒ වගේම මොණාරගල අප පුළුල් සංවර්ධන වැඩපිළිවෙළක්
ක්‍රියාත්මක කරනවා. අප ඉල්ලා සිටින්නේ මෙම වැඩසටහන්  ඉදිරියට ගෙනයාමේ
ජනවරමයි.
මේ රටේ තරුණ තරුණියන්ට වසර 04ක් රැකියා හිමි වුණේ නැහැ. ලබන වසරේ රජයේ සහ
පුද්ගලි අංශයේ ස්වයං රැකියා ලක්ෂයක් අප ඇති කරනවා. ඒ වගේම තවත් 50,000කට තමන් කැමති ආයතනයක පුහුණුවක් ලැබීම සඳහා මුදල් ලබාදීමට අප බලාපොරොත්තු වෙනවා.මේ සඳහා අප වැල්පාලමේ ගමන අවසන් කළයුතුයි. අපට තව ටිකක් ඉදිරියට යාමට තිබෙනවා. දැන් වැල්පාලම ටිකක් සෙළවෙනවා. සැප්තැම්බර් 21 වනදා ජනතාව සිය යුතුකම ඉටු කරනවා නම් අපට මේ වැල්පාලමේ ගමන සාර්ථකව අවසන් කළ හැකියි. වැල්පාලමෙන් එගොඩ වන දරුවාගේ අයිතිය ගැනීමට අද නතාලියාලා දෙදෙනෙක් ඉන්නවා. දෙදෙනාටම කථා කළ හැකි නමුත් වැඩ කරන්න බැහැ. ඒ නිසා මොවුන්ට රටේ අනාගතය භාර දෙන්න බැහැ. අපි ඉදිරියට යනවානම් IMF සහාය සමඟ ඉදිරියට යා යුතුයි. එම සහාය හිමිව තිබෙන්නේ මේ වන විට ආණ්ඩුව ක්‍රියාත්මක කර ඇති වැඩසටහන සඳහා බව ද කිව යුතුයි”. යැයි ජනාධිපති අපේක්‍ෂක රනිල් වික්‍රමසිංහ පවසයි.