NEWSNOW| අධි නීතිඥ මාස් එල් යුසුෆ් LLb (ගෞරව) ලියූ ලිපියකි.
දත්ත විශ්ලේෂණය හැරුණු විට, පොදුවේ ගත් කළ ශ්‍රී ලංකාවේ මැතිවරණයකදි ජයග්‍රාහීන් නිර්’මාණය කරන්නේ මුස්ලිම්වරුන් යයි පසුගිය වසරවල පැවති පොදු මතයකි. මෙම මතය සත්‍යයක් නැත්නම් මිථ්‍යාවක් යයි ඔබට ඕනෑ ලෙසකින් නම් කරන්න. කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්‍ෂ ජය ගත් 2019 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල මෙම මතය වැරදි බව සනාථ කළේය. එවිට සිය ඡන්ද ව්‍යාපරයෙහිදී ග්‍රාමීය සිංහල ජනතාව සහ ගම්බද පන්සල අතර පවතින සාම්ප්‍රදායික ආගමික සබඳතාව ඵලදායී ලෙස හසුරවමින් සිංහල බෞද්ධ ජාතිකවාදය අවුලුවා ගන්නට ගෝඨා සමත් විය. මුස්ලිම්වරුන්ට එරෙහිව වෛරය පැතිරීමේ සහ ඉස්ලාම් භීතිකාවක් ඇති කිරීමේ කේන්ද්‍ර ගත ඒකාකාරී සැලසුම් සහගතව කරලියට බස්වන ලද කටයුත්තට ඇතැම් භික්ෂූන්ලා මෙන්ම ජාතිවාදී බලවේගද ගෝඨා යොදා ගත්තේය.
මෙයට සමගාමීව පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවද සිදුවුයේ එවිටමත් අයහපත් තත්වයක පැවති මුස්ලිම් සිංහල සබඳතාවය තවත් උග්‍ර කරමිනි. මෙයට අමතරව මුස්ලිම් ප්‍රජාව කෙරෙහි සිංහල කිතුනුවන්ගේ – විශෙෂයෙන් කතෝලිකයන්ගේ උදහසද ඇති විය. මෙම විපර්යාසය ගෝඨාභයට ලැබුණු ප්‍රසාද දීමනාවක් වැනි විය. මෙමගින් ඔහු තම ව්‍යාපාරයේ ප්‍රධාන අයිතමයක් ලෙස ජාතික ආරක්ෂාවට ඇති තර්’ජනයක්ය වැනි සටන්පාඨයද එක් කර ගත්තේය. රට බේරා දෙන ලෙස ගෝඨාභයගෙන් අයදින මිනිසුන්ගේ දසුන් වලින් මාධ්‍යය පිරී ඉතිරී ගියේය. අවසාන ප්‍රතිඵලය වුයේ 70 % සිංහල ඡන්ද හිමි කරගනිමින් සහ සමස්ත ඡන්ද වලින් 52.25 ක් අත් කර ගනිමින් ගෝඨාභය රාජපක්‍ෂ අති විශ්ෂ්ඨ ජයක් ලබා ගැනීමයි. එවිට ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වු සජිත් ප්‍රේමදාසට ලැබුනු ඡන්ද ප්‍රතිශතය වුයේ 41.99 කි. මේ අනුව තනිකර සිංහළ ඡන්ද වලින්ම මැතිවරණයක් ජය ගන්නට හැකි බව ගෝඨාභය ඔප්පු කර පෙන්වූයේය. අද වන තුරු දනන් තුඩ තුඩ පවතින ‘හැට නව ලක්‍ෂයේ’ කථා පුවත මෙයයි.
අද සිංහළ ඡන්දවල තත්වය කුමක්ද?
වෛරී අඩිතාලමක් මත නිර්’මාණය කර කෘතිමව හුවා දක්වන ලද මේ එම ඡන්ද පදනම ගෝඨාභයට දිගු කලක් පවත්වා ගන්නට හැකි වුයේ නැත. බොරුවට ආයුෂ අඩුය යයි කීවේ කට කහනවට නොවන බව සනාථ කරමින් 69 ලක්ෂයේ මායාව මාර්’ගයක් වී ගෝඨාභයට රටින් පවා පළා යන්නට වුයේ මුළු ලොවම හිනස්සවමිනි.
අද තත්වය වෙනස්ය. අතිශයෝක්තියෙන් පුම්බා පෙන්වන ලද ජාතික ආරක්ෂා තර්’ජන සටන් පාඨයද අවලංගු කාසියක් බවට පත් විය. ජාතිකවාදි සිංහල බෞද්ධ ඡන්ද පදනමක් නිර්මාණය කිරීමද දැන් අතිශය දුෂ්කරය. ඒ අනුව රාජපක්‍ෂලාට පෙර පැවති තත්වයක් නැවත ඇති වී තිබේ. ජාතිවාදය දෙසු භික්ෂුන් සහ ඔවුන්ව අන්ධ ලෙස අනුගමනය කළවුන් දැන් ඇඳන් යට හැංගිලාය.
ජාතිවාදය දියාරු කිරීමටත් බෙදී ගිය ලාංකික ජන කොටස් එක්සත් කිරීමටත් ‘අරගලය’ වැදගත් භූමිකාවකින් ක්‍රියා කළ බව කිව යුතුමය.
මෙවර ජනාධිපතිවරණයෙහි අන්තවාදී මතවාද දෙසන හෝ මුස්ලිම් ජනතාව කෙරෙහි වෛරය උසි ගන්වන අපේක්ෂකයකු සමඟ පෙළ ගැසෙන්නෙට සිංහල ඡන්දදායකයන් සුදානම් නැත.
ජාතිවාදය දියාරු කිරීමටත් බෙදී ගිය ලාංකික ජන කොටස් එක්සත් කිරීමටත් ‘අරගලය’ වැදගත් භූමිකාවකින් ක්‍රියා කළ බව කිව යුතුමය.
මෙවර ජනාධිපතිවරණයෙහි අන්තවාදී මතවාද දෙසන හෝ මුස්ලිම් ජනතාව කෙරෙහි වෛරය උසි ගන්වන අපේක්ෂකයකු සමඟ පෙළ ගැසෙන්නෙට සිංහල ඡන්දදායකයන් සුදානම් නැත. වෙනත් ලෙසකින් කියනවා නම් අර හැට නව ලක්ෂයක අන්ධ ආධාරකරුවන් දැන් සොයා ගන්නට නැත. එසේම ලිට්ල් රෙඩ් රයිඩිං හුඩ් පරිවර්’තනය මෙන් සිංහල කිතුනු – විශේෂයෙන් කතෝලික – ප්‍රජාව ‘ජාතික ආරක්‍ෂා’ සටන් පාඨවලින් අන්දවන්නටද මෙවර හැකි වන්නේ නැත.
මෙම නව වටපිටාව තුළ, මෙවර ජනාධිපතිවරණයේදී මුස්ලිම්වරුන් යම් පමණකට හෝ ‘රජුන් සාදන්නන් බවට පත්වනු ඇතිද යන ප්‍රශ්නය පැන නගී.
මෙවර සිංහල ඡන්ද පදනම සියලුම අපේක්ෂකයන් අතර බෙදී යනු ඇති බැවින් කිසිදු එක් අපේක්‍ෂකයෙකුට සිංහලතග ඡන්දවලින් 50%ක් ලබා ගැනීමට හැකි වන්නේ නැති බව අපේක්‍ෂකයන් සියල්ලන්ම පාහේ දනිති. එනිසා මුස්ලිම් ඡන්ද තමන් වෙත ඇද ගැනීමට ඔවුන් පොර කනු නියතය.
ගැඹ ෆෝමියුලාව
ගෙම්බා යනු ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතිය කදිමට විදහා පාන සතෙකි. මැතිවරණයක් ළං වන විට, ඇදහිය නොහැකි සහ පෙර නොවූ විරූ ආකාරයේ එක් පක්ෂයකින් තවත් පක්ෂයකට ගෙම්බන් මෙන් අපේ දේශපාලුවන් එහා මෙහා පැනීම දැකගත හැකිය. මෙම අවස්ථාවාදී ආත්මාර්ථකාමී දේශපාලනඥයන්ට කිසිදු ප්‍රතිපත්තියක් නැත. සජිත් සහ රනිල් කඳවුරු දෙකම එවැනි හිරියක් නැති ගෙම්බන් කිහිප දෙනෙකුටම රැකවරණය දී ඇත. මෙම ගෙම්බන් විසින් තම පැනීමට ඉදිරිපත් කරන සාධාරණීකරණය ඔවුන්ගේ කුහකකම තවතවත් ඔප්පු කරයි.
එනමුත් ජාතික ජනබලවේග ජනාධිපති අපේක්‍ෂක අනුර කුමාර දිසානායකගේ පාර්ශවය මේ අතින් සුවිශේෂීය. සැලකිය යුතූ කිසිදු ගැඹ සංක්‍රමණයක් අනුර කඳවුරෙහි දැකිය නොහැකිය.
මුස්ලිම් ඡන්ද ඩැහැ ගැනීමෙහිදී මුස්ලිම් පක්ෂවල සහ නායකයන්ගේ සහයෝගය වැදගත් යයි මතයක් තිබුනි. මෙවර යථාර්ථය වෙනස් වී ඇති බවක් පෙනේ. මන්ද යත් ලාංකික මුස්ලිම් ප්‍රජාවගේ මතය අනුව මුස්ලිම් දේශපාලකයන් යනු සමූහයාට ශත පහක ප්‍රයෝජනයක් නැති කුහක රොත්තකි. එනිසා දැඩි හදගැස්මකින් සිටින සජිත්ගේ දෑත් ශක්තිමත් කිරීමේ අවස්ථාව මෙවර මුස්ලිම් දේශපාලන නායකයන්ට බෙහෙවින්ම අවමය,
සියෝනිස සම්බන්ධය
වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහගේ මාමණ්ඩි ජේ. ආර් .ජයවර්ධන ජනාධිපතිවරණයට තරග කළ සමයෙහි ඊශ්‍රායලය සමග සබඳතා ඇති කර ගන්නට ඔහු කටයුතු කළ අතර එවකට විදේශ ඇමතිව සිටි ඒ. සී. එම් .හමීඩ් එම පියවරට දැඩි ලෙස විරෝධය දැක්වුයේය. හමීඩ් යනු නිහතමානි අවංක මුස්ලිම් දේශපාලන නායකයෙකු බවට ප්‍රකටය. (එසේම නැසී ගිය ලක්ෂමන් කදිර්ර්’ගාමර්ද එවැනිම වූ අවංක දේශපාලන නායකයෙකු විය. හමීඩ් සහ මා පුද්ගලිකව හඳුනන කදිරර්’ගාමර් වැනි අවංක පරිනත දක්‍ෂ දේශපාලනයඥයන් දැන් අප අතර නොමැති වීම සැබවින්ම රටේ අවාසනාවකි)
මුස්ලිම් ඡන්ද වලට යම් වටිනාකමක් තිබෙන මෙවන් මොහොතක ඊශ්‍රායල කොන්සල් කාර්’යාලයක් මෙහි විවෘත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනුමැතිය ලබා දී තිබීම ඔහුට ජනාධිපතිවරණ ඡන්ද කෝණයෙන් ව්‍යසනයක් වනු නියතය. විශේෂයෙන් පලස්තීනයේ ගාසා තීරයෙහි ඊශ්‍රායලය විසින් ජන සංහාරයක් සිදු කරමින් සිටින නිසා මුස්ලිම්රුන්ගේ පමණක් නොව සාමය හා යුක්තිය අගයන සියලුම ජාතීන්ගේම කෝපය ඊශ්‍රායලයට එරෙහිව කැකෑරෙමින් තිබෙන වත්මන් වාතාවරණයෙහි රනිල්ගේ උක්ත පියවර ඔහුට කිසිසේත් වාසිදායක නොවනු ඇත. මෙයට අමතරව ඊශ්‍රායලයේ යුදමය නොවන සේවාවල රැකියා සඳහා ලාංකිකයන් යැවීමට රනිල් අනුමත කිරීමද ඔහු වෙත මහජන කෝපය උත්සන්න වන්නට හේතු වී තිබේ.
මේ සියල්ල අද සිදුවන විට ඉරණමේ සරදමක් සේ විදේශ ඇමතිව සිටින්නේ මුස්ලිම් නායකයෙකු වන අලි සරීය. එනමුත් ඔහු එදා හඩ් අමාත්‍යවරයා මෙන් නොව. සිටින්නේ දිවට හොරා බෙහෙත් බොමින් කරබාගෙනය. මෙවිට ලාංකික මුස්ලිම්වරුන්ට, එදා එම විදේශ ඇමති තනතුරේ සිටි ඒ සී එසේ හමීඩ් මහතා සිය වාසිය නොතකා තම නායකයාට නොබියව එරෙහි වූ උදාර ආකාරය සිහි වනවාට සැකයක් නැත. රනිල්ගේ මැතිවරණ ප්‍රචාර වේදිකාවලට අලි සබීරි ගොඩ වන්නට වු විට තත්වය තවත් සංකීර්ණ වී මුස්ලිම් ඇතුලූ ඊශ්‍රායලයේ මිලේච්ඡ ක්‍රියාකලාපය නිසා උරණ වී සිටින්නන්ගේ රනිල් මත වන කෝපය තවත් උග්‍ර වන්නට වී ඇත.
තත්වය සමණය කරන්නට කුමක් හෝ කළ යුතු බව දුටු ජනපති රනිල් පසු ගිය දිනෙක වහ වහා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධාන කාර්’යාලයට ගොඩ වී කෝවිඩ් සමයෙහි අභාවයට ගිය මුස්ලිම්වරුන්ගේ දේහ ආදාහනය කිරීම ගැන සිය කණගාටුව පළ කර එය ගැන සොයා බැලීමට තේරීම් කමිටුවක් පත් කරන බවට පොරොන්දු විය. නිශ්චය වශයෙන්ම තුට්ටුවක්වත් නොවටිනා මෙම කල් ඉකුත් වු පොරොන්දුව මුස්ලිම් ප්‍රජාව විසින් දැනටමත් පිරි ඉතිරි තිබෙන දේශපාලන පොරොන්දු කුණු ගොඩට විසි කර දැම්මාට කිසිදු සැකයක් නැත.
මේ සියල්ල අනුව මුස්ලිම් ඡන්ද වලින් විශාල කොටසක් දැනටමත් රනිට අහිමි වී ගොස්ය කියා ඕනෑම කෙනෙකුට අනුමාන කළ හැකිය.
ප්‍රතිපත්තිමය ස්ථාවරය
මේ අතර සිංහල, දමිළ, මුස්ලිම් ඇතුලු සියලු ජනකොටස් සැලකිය යුතු උද්වේගයක් අනුර දිසානායක විෂයයෙහි පෙන්වනු දකින්නට තිබේ. මේ සඳහා පාදක වන හේතු ගණනාවක්ම ඇත. අතීතයේ ප්‍රධාන දේශපාලන පක්‍ෂවල ක්‍රියාකලාපයේ අමිහිරි මතක සටහන් මෙයින් ප්‍රධානය. එම පක්ෂ මාරුවෙන් මාරුවට බලයට පත්වෙමින් ගෙම්බන් මෙන් කිසිදු හිරියක් නැතිව එහා මෙහා පනිමින්, රට සුරාකමින්, නීතියේ ආධිපත්‍යයට පයින් ගසමින්, බොරු පොරොන්දු දෙමින්, මිනිසුන් මුලා කරමින්, ජාතිවාදය හා ආගම්වාදය මොලවා එයින් ගිනි තපිමින්, අත්‍යන්තයෙහි රට බංකලොත් කළ ආකාරය ජනතාවට අමතක වී නැත. එම නිහීන ක්‍රියා වලට එම කුහකයන්ට පාඩම් උගන්වන්නට ජනතාව පුන පුනා බලා සිටිති.
නමුත් අනුරගේ කඳවුර විෂයයෙහි මෙවන් චෝදනා කිසිවක් නැත. විශේෂයෙන් පක්‍ෂයෙන් පක්‍ෂයට පැනීමේ චෝදනා ඔවුන්ට කොහෙත්ම නොමැත.
ඡන්දදායකයා බලන සුදුසුකම කුමක්ද?
තමන් ඡන්දය ලබා දිය යුත්තේ අහලාවටය යන තීරණයට ඡන්දදායකයා එළඹෙන්නේ කෙසේද?
දේශපාලන මනෝවිද්‍යාඥයින් මෙය ගැන විවිධ අදහස් දක්වා ඇති අතර ඉන් කිහිපයක් පහත විස්තර කර ඇත්තෙමි.
උගත් ඡන්දදායකයන් මෙන්ම ව්‍යාපාරිකයන් අපේක්ෂකයින්ගේ ආර්ථික ප්‍රතිපත්ති, නායකත්ව ගුණාංග සහ අත්දැකීම් ආදිය සලකා බලනු ඇත. මෙම ආකල්පයෙහි වැඩියෙන්ම ගැබ්ව ඇත්තේ රටේ සුබසිද්ධිය නොව තමන්ගේ වාසියයි. තවත් ඇතැමුන් අපේක්‍ෂකයාගේ අතීත සාධන සහ ක්‍රියා කලාප ඇගයීමට ලක් කරනු ඇත. අපේක්‍ෂකයා දැනට තනතුරේ සිටින ජනාධිපති කෙනෙක් නම්, ඔවුන්ට මේ සඳහා වැඩි ඈතක් යාම අවශ්‍ය වන්නේ නැත. චරිතය, හැකියාව, අවංක බවද මෙවිට සැලකිල්ලට ගනු ලබන කාරනාය.
ඒකාකෘතිය සහ අගතිය වැනි කරුණු නිතැතින්ම සහ නොසිහියෙන්ම තීරණවලට බලපෑම් කළ හැකි බවද දේශපාලන විද්‍යා මනෝ විද්‍යාඥයන් පෙන්වා දෙති. එසේම දේශපාලන පක්ෂ සමඟ වන හා සමාජ අනන්‍යතාද ඡන්දය ලබා දිය යුත්තේ කොටද යන පැනයට විසඳුම් ලබා දෙන බව ඔවුන් පවසති. (මහජන මතය කාර්තුමය, වෙළුම 82, කලාපය S1, 2018).
තවත් බොහෝ අයට මේ පිළිබඳ ගැඹුරු විශ්ලේෂණ සහ අධ්‍යයන සිදු කිරීමට වේලාවක් නැත. මෙවන් අය තීරණ ගන්නේ සීමිත හා මතුපිට තොරතුරු අනුවය. තවත් ඇතැමුන් සෞඛ්‍යය, අධ්‍යාපනය, පරිසරය ආදිය ගැන කථා කරන අපේක්‍ෂකයන්ටද, තවත් ඇතැමුන් තම පක්‍ෂය වෙනුවෙන්ද, තවත් සමහර මතුරන් සහ සගයන්ගේ උපදෙස් අනුවද සිය ඡන්දය භාවිත කරති යයි විශ්ලේෂකයන් පෙන්වා දෙති. එසේම ඒ මොහොතේ තම සිතට එන සිතුවිල්ල අනුව ඡන්දය දෙන්නන්ද සිටිති.
(නීතිඥ මාස් එල් යුසුෆ් (ගෞරව) ලන්ඩන් කලක් එක්සත් එමීර් රාජ්‍යවල ජනාධිපතිවරයාගේ පුද්ගලික අංශයේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කළේය. http://ctcolumn(@yahoo.comයන විද්‍යුත් තැපැල් ලිපිනය ඔස්සේ ඔහු හා සම්බන්ධ විය හැකිය)