NEWSNOW| – ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (I.C.C) මගින් සංවිධානය කරන ලෝක ටෙස්ට් ශූරතා තරගාවලිය (World Test Championship ) – 2025 යටතේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග දෙකක් සදහා නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම අද(14) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.
මෙම ටෙස්ට් තරග දෙකම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
ඔවුන් සහභාගී වන පළමු තරගය 09/18 දින ආරම්භ වන අතර 09/21 දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය නිසා එදින නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
දෙවන තරගය එළඹෙන 09/26 දින ආරම්භ කිරීමට සැළසුම් කර තිබේ.
නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම 09/14 දින පස්වරු 04.10 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 281 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .