NEWSNOW | – 2025 වසරේ සිට වාහන ආනයනය කෙරුණද තීරු බදු රහිතව කිසිඳු පුද්ගලයෙකුට වාහන ආනයනය කළ නොහැකි බව රජය පවසයි.
කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්’ධන මහතා පැවසුවේ එම තීරණය ගෙන ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එළැඹ ඇති ගිවිසුම්වලට අනුකූලව බවය.
මෙම වසරේ ඔක්තෝබර් පළමුවැනිදා සිට අදියර කිහිපයක් යටතේ වාහන ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
ඒ අනුව පළමුවෙන් ආනයනය කරනු ලබන්නේ, පොදු ප්‍රවාහන සේවා සඳහා භාවිත කරන රථයි.
වාණිජ සහ භාණ්ඩ ප්‍රවාහන රථ මෙම වසරේ දෙසැම්බර් පළමුවැනිදා සිට ආනයනය කෙරෙන අතර වාහන ආනයනය සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙලෙස අදහස් පැවසීය,
“සියලුම වර්ගවල වාහන 2025 දෙවැනි මාසයේ පළවෙනිදා සිට ආනයනය කිරීම සඳහා අවසර ලබා දුන්නා. ඒ අනුව 2025 පෙබරවාරි 01 සිට කාර්, වෑන්, ස්පෝට් යුටිලිටි වාහන පිකප් යන ආදීය වාහන ආනයනය කිරීම සඳහා අවසර ලබාදුන්නා.”