22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් පාර්ලිමේන්තුවේ ප්‍රධාන වැඩකටයුතු ආරම්භයේදී මෙම පනත් කෙටුම්පත් පළමුවර කියවීම සඳහා මෙලෙස සභාගත කිරීමට නියමිතය.
ගැසට් නිවේදනය නිකුත් කර සතියකට පසු මෙසේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන පනත් කෙටුම්පත්වලට එරෙහිව අධිකරණයට යාම සඳහා ඕනෑම පාර්ශවයකට ඉදිරි සතියක කාලය හිමිවේ. ඉන්පසුව ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ පෙත්සම් විභාග කර දින 3ත් 21ත් අතර කාලයකදී තීරණය කථානායකවරයා වෙත දැනුම් දෙනු ඇත.
මෙම සංශෝධන සම්මත වීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 සිට 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 සිට 65 දක්වාත් ඉහළ යනු ඇත. එමෙන්ම අධිකරණ සංවිධාන සංශෝධන පනත මගින් මහාධිකරණ, දිසා සහ මහෙස්ත්‍රාත් අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 62 දක්වා දීර්ඝ කිරීමට සැලසුම් කර තිබේ.
මේ අතර, අද දිනයේ සභාගත කෙරෙන මෙම පනත් කෙටුම්පත් දෙකට එරෙහිව විරෝධය පළ කිරීමට සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂය ඊයේ (17) පැවැති මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී තීරණය කර ඇත. අදාළ පනත්වලට එරෙහිව පෙත්සම් ගොනු කිරීමට මෙන්ම, ඒවා විභාග කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ සමස්ත විනිසුරුවරුන් 13 දෙනාගෙන්ම සමන්විත පූර්ණ විනිසුරු මඩුල්ලක් පත්කරන ලෙස ඉල්ලීමටද විපක්ෂයේ අවධානය යොමුව තිබේ.

