2035 කාන්තා පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සම සත්කාරකත්වය එංගලන්තය, උතුරු අයර්ලන්තය, ස්කොට්ලන්තය සහ වේල්සයට

0
4

2035 කාන්තා පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සම සත්කාරකත්වය එංගලන්තය, උතුරු අයර්ලන්තය, ස්කොට්ලන්තය සහ වේල්සය යන රටවල් හතරට පිරිනැමීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) නිල වශයෙන් අනුමැතිය ලබා දී තිබේ.

1966 පිරිමි ලෝක කුසලාන තරගාවලියෙන් පසු එක්සත් රාජධානිය තුළ පාපන්දු ලෝක කුසලාන තරගාවලියක් පැවැත්වෙන ප්‍රථම අවස්ථාව මෙය වේ.

සූරිච්හි පිහිටි ෆීෆා මූලස්ථානයේ සිට මාර්ගගතව පැවති විශේෂ රැස්වීමකදී, තරගාවලිය සඳහා ඉදිරිපත් වූ එකම ලංසුකරුවන් වූ මෙම රටවල් හතර සම සත්කාරකයින් ලෙස තෝරා ගැනිණි.

දින 39ක් පුරා පැවැත්වෙන මෙම තරගාවලියට කණ්ඩායම් 48ක් එක්වන අතර, සමස්ත තරග 104කින් සමන්විත වේ.

මේ අතර, පසුගිය සඳුදා පැවති ෆීෆා විශේෂ රැස්වීමේදී 2031 කාන්තා ලෝක කුසලාන තරගාවලිය සඳහා මෙක්සිකෝව, අමෙරිකා එක්සත් ජනපදය, කොස්ටාරිකාව සහ ජැමෙයිකාව එක්ව ඉදිරිපත් කළ ඒකාබද්ධ ලංසුවට ද අනුමැතිය හිමි වූ අතර, එය කණ්ඩායම් 48ක් සහභාගී වන පළමු කාන්තා ලෝක කුසලානය බවට පත්වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here