2027 වර්ෂයට අදාළ අයවැය යෝජනා අද (12) පෙරවරුවේ රැස් වූ අමාත්‍ය මණ්ඩලය විසින් නිල වශයෙන් අනුමත කර තිබේ. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව මෙම තොරතුරු තහවුරු කළේය.
ඒ අනුව, මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 2027 අයවැය යෝජනා අද පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
අද පස්වරු 1.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර, එහිදී ජනාධිපතිවරයා විසින් 2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) දෙවන වර කියවීම සිදුකිරීමට නියමිතව තිබේ.

