2027 ICC පිරිමි එක්දින ක්රිකට් ලෝක කුසලාන තරගාවලිය යටතේ පැවැත්වෙන ඉන්දියාව සහ පාකිස්තානය අතර කණ්ඩායම් අදියරේ තරගය සඳහා මේ වන විට ප්රවේශපත්ර ඉල්ලීම් මිලියන 8.4ක් (ලක්ෂ 84කට ආසන්න ප්රමාණයක්) ලැබී ඇති බව වාර්තා වේ.
දකුණු අප්රිකාව, සිම්බාබ්වේ සහ නැමීබියාව යන රටවල සම සත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙම ලෝක කුසලාන තරගාවලියේ බලාපොරොත්තු සහගතම ගැටුම වන ඉන්දු-පාකිස්තාන තරගය, ඔක්තෝබර් 10 වැනි දින දකුණු අප්රිකාවේ ජොහැන්නස්බර්ග්හි ප්රසිද්ධ වොන්ඩරර්ස් (Wanderers) ක්රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
කෙසේ වෙතත්, අදාළ ක්රීඩාංගණයේ සමස්ත ආසන ධාරිතාව පුද්ගලයින් 34,000කට පමණක් සීමා වී ඇති පසුබිමක, මෙලෙස මිලියන ගණනක අසීමිත ප්රවේශපත්ර ඉල්ලීමක් ලැබී තිබීම ක්රිකට් ඉතිහාසයේ සුවිශේෂී සහ පෙර නොවූ විරූ සංසිද්ධියක් ලෙස විචාරකයින් පෙන්වා දෙයි.

