2027 වසරට අදාළ අයවැය යෝජනාවලිය අඩංගු අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී නිරීක්ෂණයට ලක් කෙරිණි. මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියේය.
දිට්වා ව්‍යසනය සහ මැදපෙරදිග උද්ගත වී ඇති අර්බුදකාරී තත්ත්වයන් වැනි දේශීය හා විදේශීය අභියෝග රැසකට මුහුණ දීමට සිදු වුවද, මූල්‍ය විනය නිසි ලෙස පවත්වා ගනිමින් සහ ආර්ථිකය මනා කළමනාකරණයකට යටත් කරමින් මෙරට ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයකම කැපී පෙනෙන ප්‍රගතියක් අත්කර ගැනීමට වත්මන් රජය සමත්ව ඇත.
ඒ අනුව, ආර්ථිකය ස්ථාවර මට්ටමක රඳවා ගැනීමට අමතරව පුළුල් ආර්ථික ප්රසාරණයක් සහ පරිවර්තනීය සංවර්ධනයක් අපේක්ෂාවෙන් රුපියල් බිලියන 2,000ක ප්‍රාග්ධන ප්‍රතිපාදන ඇතුළත් මෙම නව අයවැය ලේඛනය, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් හෙට (12) පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

