2027 IPL ක්‍රීඩක වෙන්දේසියේ ඉහළම මූලික වටිනාකම සහිත කාණ්ඩයට වනිඳු සහ මතීෂ ඇතුළත් වෙති

0
5

2027 ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රීඩක වෙන්දේසියේ උපරිම මූලික ලංසුව වන ඉන්දීය රුපියල් කෝටි දෙකක වටිනාකම සහිත ඉහළම කාණ්ඩය සඳහා ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග සහ මතීෂ පතිරණ ඇතුළත් කර තිබේ.

මෙම ක්‍රීඩක වෙන්දේසිය සඳහා සමස්ත ක්‍රිකට් ක්‍රීඩකයන් 1,220 දෙනෙකු ලියාපදිංචි වී ඇති අතර, කණ්ඩායම් 10ක් යටතේ ක්‍රීඩකයන් 66 දෙනෙකු සඳහා පමණක් එහිදී අවස්ථාව හිමිවන බව වාර්තා වේ. එම පුරප්පාඩු 66 අතුරින් විදෙස් ක්‍රීඩකයන් සඳහා වෙන් වී ඇත්තේ ස්ථාන 25ක් පමණි.

ලබන මස 16 වැනිදා ඉන්දියාවේ ගෝවේහිදී පැවැත්වීමට නියමිත මෙම වෙන්දේසිය සඳහා ලියාපදිංචි වූ සම්පූර්ණ ශ්‍රී ලාංකික ක්‍රීඩක නාමලේඛනය මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here