මෙරට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 2026 වසරේදී 1 ශ්‍රේණිය සඳහා ආරම්භ කළ නව විෂයමාලා ක්‍රියාවලිය තවදුරටත් ඉදිරියට ගෙන යමින්, 2027 වසරේ සිට 2 සහ 6 ශ්‍රේණි සඳහාද අදාළ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ජාතික අධ්‍යාපන ආයතනය විසින් සංශෝධනය කරන ලද ජාතික විෂයමාලා රාමුවට සහ ජාතික මෙහෙයුම් කමිටුවේ එකඟතාවට යටත්ව මෙම පියවර ගෙන ඇත.
ඒ අනුව, 2027 වසර සඳහා 1 සහ 2 ශ්‍රේණිවල ක්‍රියාකාරකම් පොත් සහ 6 ශ්‍රේණියේ මොඩියුල මෙන්ම ගුරු මාර්ගෝපදේශ මුද්‍රණය කිරීමටත්, පළාත් මට්ටමින් ගුරු පුහුණු කටයුතු සංවිධානය කිරීමටත් අධ්‍යාපන අමාත්‍යාංශය අවශ්‍ය සැලසුම් සකස් කර තිබේ.

