දේශපාලනිකව පත් කරන ලද පරිවර්තන ක්‍රිකට් කමිටුවක් හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පාලනය කිරීමට උත්සාහ කිරීම සහ එම පත්කිරීමෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල (ICC) මණ්ඩල රැස්වීම් නියෝජනය නොකිරීම යන දේශපාලන මැදිහත්වීම් හේතුවෙන්, 2026 පිරිමි T20 ලෝක කුසලානයෙන් පසු වසරක් ඇතුළත ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ දෙවන ICC ඉසව්ව වන 2027 විස්සයි20 කාන්තා ශූරයන්ගේ කුසලාන තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවෙන් ඉවත් කර ඉන්දියාවට ලබා දීමට තීරණය කර ඇත.
2024 19න් පහළ ලෝක කුසලානයෙන් පසුව වසර 3ක් ඇතුළත ශ්‍රී ලංකාවට ICC තරගාවලි සත්කාරකත්වයක් අහිමි වූ දෙවන අවස්ථාව මෙය වෙයි.
තවද, ඔක්තෝබර් ICC රැස්වීමේදී සත්කාරකත්වය පිළිබඳ අවසන් නිවේදනය නිකුත් කිරීමට නියමිතව තිබියදී, දැනට T20 ශ්‍රේණිගත කිරීම්වල 7 වැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට (සත්කාරක රට ඇතුළුව මුල් ස්ථාන 5 හි පසුවන කණ්ඩායම් 6කට පමණක් අවස්ථාව හිමිවන බැවින්) මෙම තරගාවලියට සුදුසුකම් ලැබීමේ අවස්ථාව ද අහිමි වී යාමේ දැඩි අවදානමක් මතු වී තිබේ.

