‘The 50’ සංවිධානය විසින් පේරු රාජ්‍යයේ ලීමා නුවරදී පවත්වන ලද සම්මාන උළෙලකදී, 2026 වසර සඳහා වන ලොව හොඳම අවන්හල් 50 ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය ස්පාඤ්ඤයේ බාස්ක් කලාපයේ Atxondo ප්‍රදේශයේ පිහිටි ‘Asador Etxebarri’ අවන්හලට හිමි වී තිබේ.
ගල් අඟුරු මත මස් සහ මුහුදු ආහාර පිසීමේ සුවිශේෂී සහ අද්විතීය ක්‍රමවේදයක් සඳහා ලොව පුරා ප්‍රසිද්ධිය උසුලන මෙම අවන්හලේ ප්‍රධාන සූපවේදී Bittor Arguinzoniz සඳහන් කර ඇත්තේ, මෙම ජයග්‍රහණය තමන්ට ලැබුණු මහත් ගෞරවයක් බවත්, තම ආහාර පිසීමේ මාවත සඳහා මව්වරුන්ගෙන් සහ මිත්තණියන්ගෙන් ලැබුණු ආභාසය තමන් කෘතඥපූර්වකව සිහිපත් කරන බවත්ය.

