2026 ලෝක ළමා දිනය සැමරීම සඳහා ජාතික සතියක් ප්‍රකාශයට පත් කෙරේ.

0
5

2026 ලෝක ළමා දිනය නිමිත්තෙන් “මනසින් සබල – දරුවෝ බලගැන්වුණු” යන තේමාව යටතේ සැප්තැම්බර් 25 සිට ඔක්තෝබර් 01 දක්වා ජාතික ළමා සතියක් ප්‍රකාශයට පත් කිරීමට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

පාසල් දරුවන්, රජයේ භාරකාරත්වයේ පසුවන දරුවන්, ගුරුවරුන් සහ දෙමාපියන් ඉලක්ක කරගනිමින් දරුවන්ගේ මානසික සෞඛ්‍යය, මනෝසාමාජීය යහපැවැත්ම සහ පෞරුෂ වර්ධනය උදෙසා දිවයින පුරා දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් මෙම සතිය තුළ ක්‍රියාත්මක වේ.

ඒ අනුව සැප්තැම්බර් 25 වනදා සිට දිනපතා විශේෂිත උප-තේමාවන් යටතේ පාසල්, ප්‍රජා සහ දිස්ත්‍රික් මට්ටමින් විවිධ වැඩසටහන් පැවැත්වෙන අතර, ජාතික ළමා දින ප්‍රධාන සැමරුම් උත්සවය ඔක්තෝබර් 01 වනදා මත්තේගොඩ පිහිටි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨ ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රාජ්‍ය උත්සවයට කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් සහ නියෝජ්‍ය අමාත්‍ය නාමල් සුදර්ශන යන මහත්වරුන් ද එක්වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here