42 වන මීලාදුන් නබි ජාතික මහෝත්සවයට සමගාමීව මෙම සතිය පුරා ගම්පහ මීගමුව ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් විවිධ වැඩසටහන් පවත්වනු ලබයි.
මේ අනුව ඉස්ලාමීය අධ්‍යයන සහජීවන මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලආගමික සහජීවනය හා අවබෝධය තහවුරු කෙරෙන “Welcome to Our Mosque” වැඩසටහන අද(24) දිනයේ මීගමුව, පෙරියමුල්ල ප්‍රධාන ජුම්මා මස්ජිදයේදී පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා ආරාධිත සියලු මැති ඇමතිවරුන් සහ නිලධාරීන් සහභාගී වූ අතර, නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි, විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය කේ.එස්.එන්. අබේසිංහ, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර්, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ එම.එස්.එම්. නවාස් මහතා ඇතුළු නියෝජිතයින් රැසක් එක්ව සිටියහ.
එසේම පොලිසියේ නිලධාරීන්, ගුවන් හමුදාවේ හිටපු වින්ග් කමාන්ඩර් ශිෆා මහතා සහ ගුවන් හමුදාවේ උසස් නිලධාරීන්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
ආගමික පූජකවරුන්, රාජ්‍ය නිලධාරීන්, පොලිස් නිලධාරීන්, පාසල් ගුරුවරුන් සහ සිසුන් ඇතුළු විවිධ ආගම්වල අමුත්තෝ විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
මුස්ලිම් පල්ලියක් තුළ සිදු කරන්නා වූ ආගමික වතාවත් මුස්ලිම්වරුන්ගේ සංස්කෘතිය හා සම්බන්ධ විෂයන් ,ඇඳුම් පැළඳුම් පිළිබඳවත් දැනුවත් කිරීම අරමුණු කර ගත් මුස්ලිම්වරු සහ මුස්ලිම් නොවන සමාජය අතර අවබෝධය තව තවත් දියුණු කිරීමේ උතුම් වූ වැඩසටහනක් ලෙස මෙම වැඩසටහන ඉස්ලාමීය අධ්‍යයන සහජීවන මධ්‍යස්ථානය විසින් දීර්’ඝ කාලයක් සිට නොකඩවා පැවැත්වීම විශේෂතත්වයකි.
මෙහිදී මුස්ලිම් පල්ලියේ මාර්’ගෝපදේශක චාරිකාව, ප්‍රශ්නෝත්තර සැසි, පෝස්ටර් ඇදීම, අල් කුර්’ආන් ප්‍රදර්’ශනය, ඉස්ලාමය පිළිබඳ පොත් එකතුව, හෙනා කෝනර් නම් මුස්ලිම් කාන්තාවන්ගේ සංස්කෘතික අංගයක්වන හෙනා මෝස්‌තර දැමීම, කැමැත්තක් ඇති අයට හිජාබ් ඇඳ බැලීමේ අවස්ථාවද ලබා දී තිබුණි. එසේම අමුත්තන්ගේ නම් නොමිලේ අරාබි අක්ෂර වලින් (Calligraphy) ලිවීමටත් සාම්ප්‍රදායික මුස්ලිම් ආහාර පිරිනැමීමත් මෙම මුස්ලිම් පල්ලි සංචාරයට ඇතුළත් විය.