‘දිට්වා’ සුළි කුණාටුවෙන් හානියට පත් ප්‍රධාන පාලම් 14ක් නැවත ගොඩනැඟීම සඳහා චීන රජයේ ආධාර ලබාගැනීමේ නිල ගිවිසුමකට ශ්‍රී ලංකාව සහ චීනය ඊයේ (28) කොළඹදී අත්සන් තබන ලදී.
ප්‍රවාහන, මහාමාර්ග සහ නගර සංවර්ධන අමාත්‍යාංශයේදී පැවැති මෙම අවස්ථාවට චීන තානාපති Wei Huaxiang මහතා සහ අමාත්‍යාංශ ලේකම් ආසිරි කරුණාවර්ධන මහතා එක්වූහ.
2025 නොවැම්බර් අග භාගයේ බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් ජීවිත 600කට අධික සංඛ්‍යාවක් අහිමි වූ අතර, ඇමරිකානු ඩොලර් බිලියන 4.1ක පමණ දැවැන්ත ආර්ථික හා යටිතල පහසුකම් හානියක් සිදු විය.
ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමට අනුව චීන විශේෂඥ කණ්ඩායමකගේ ක්ෂේත්‍ර පරීක්ෂණවලින් පසු මෙම ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය කඩිනමින් අනුමත කර ඇති අතර, මෙමඟින් පශ්චාත් ආපදා ප්‍රවාහන දුෂ්කරතා මෙන්ම මෙරට ප්‍රවාහන යටිතල පහසුකම්ද නැංවෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

