ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා මහතා වැඩබලන අගවිනිසුරු ලෙස පත් කෙරේ.

0
168

NEWSNOW| –  ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා මහතා වැඩබලන අගවිනිසුරු ලෙස අද (07) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ විදේශ සංචාරය හේතුවෙන් මෙම පත්වීම සිදු කරන ලදී.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා නැවත දිවයිනට පැමිණෙන තෙක් විනිසුරු එස්. තුරෙයිරාජා මහතා වැඩබලන අගවිනිසුරු ලෙස කටයුතු කරනු ඇත.