ශ්‍රී ලංකා සහ ඉන්දීය දෙවන ටෙස්ට් තරගයේ තෙවන දිනය අද

0
9

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ දෙවන තරගය කොළඹ SSC ක්‍රීඩාංගනයේ අද 2 වන දිනටත් පැවැත්වුණු අතර තරගයේ සම්පූර්ණ පාලනය මේ වන විට ඉන්දියාව සතුය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව නායක Shubman Gill ගේ 3000 වැනි ටෙස්ට් ලකුණ සහ Devdutt Padikkal ගේ 117, Dhruv Jurel ගේ නොදැවී 115 ඇතුළත් ඉනිමක් සමඟින් ලකුණු 503/9 දී ඉනිම අත්හිටුවීය.

පිළිතුරු ලෙස ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව 2 වන දිනය අවසන් වන විට කඩුලු 2 ක් දැවී ලකුණු 8 ක් ලබා සිටින අතර ඉන්දියාවට වඩා තවමත් ලකුණු 495 කින් පසුපසින් සිටී.

මේ අනුව තරගාවලියේ පළමු තරගය ලකුණු 165 කින් ජයගත් ඉන්දියාව 1-0 ලෙස ඉදිරියෙන් සිටින අතර, දෙවන තරගයේ දී ද ජයග්‍රහණයට ඉතා ආසන්නයේ පසුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here