ශ්‍රී ලංකා රේගුවෙන් තවත් ආදායම් වාර්තාවක්

0
14

සැප්තැම්බර් මාසය අවසන් වීමටත් පෙර සිය ආදායම් ඉලක්කය සපිරීමට ශ්‍රී ලංකා රේගුව සමත්ව තිබේ.

ඒ අනුව, සැප්තැම්බර් මාසය සඳහා හිමිව තිබූ රුපියල් මිලියන 195,596ක ආදායම් ඉලක්කය පසුගිය 22 වනදා වන විට අභිබවා යමින්, රුපියල් මිලියන 199,348ක ආදායමක් වාර්තා කිරීමට රේගුව සමත් විය.

මේ සමඟම, 2026 වසර සඳහා රේගුවට ලබාදී ඇති රුපියල් බිලියන 2,206.995ක සමස්ත ආදායම් ඉලක්කයෙන් රුපියල් බිලියන 2,058.033ක්ම මේ වන විටත් උපයා ගැනීමට ඔවුන්ට හැකිවී තිබේ.

පසුගිය 2025 වසරේදී ද ශ්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 2,557.535ක ආදායමක් ලබමින් සිය වසරේ ඉලක්කයන් සාර්ථකව ජයගෙන තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here