ශ්‍රී ලංකා – ඉන්දීය දෙවන ටෙස්ට් තරගයේ 4 වන දිනය අදයි

0
8

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹ SSC ක්‍රීඩාංගනයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ 4 වන දිනය අද (26) ආරම්භ වෙයි.

වර්ෂාවෙන් අවස්ථා කිහිපයකදීම බාධා එල්ල වූ ඊයේ (25) තෙවන දිනය නිමා වන විට, සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 265ක් ලබා සිටියේය. ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් පසිඳු සූරියබණ්ඩාර ලකුණු 80ක් රැස් කළ අතර, විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරන සොනාල් දිනූෂ නොදැවී ලකුණු 85ක් ලබා ගනිමින් කඩඉම අසල රැඳී සිටියි.

ඊට පෙර පළමුවෙන් පන්දුවට පහරදුන් සංචාරක ඉන්දීය කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 503ක් ලබා සිටියදී සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here