ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඇති ජනවාර්ගික හා අනන්‍යතා පාදක වෙන්කොට සැලකීම්” යන පර්යේෂණයේ අවසාන වාර්තාව බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා වෙත භාර දෙයි.

0
150

NEWSNOW | –  අධ්‍යාපන සංවර්දන සන්ධානය (CED) විසින් ක්‍රියාත්මක කරන ලද කළුතර සහ රත්නපුර තරුණ ක්‍රියාකාරීන් පිරිසක් විසින් සිදුකරන ලද “ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඇති ජනවාර්ගික හා අනන්‍යතා පාදක වෙන්කොට සැලකීම්” යන පර්යේෂණයේ අවසාන පර්යේෂණ වාර්තාව එම පර්යේෂණයේ සාමාජික එන්.එම්.නස්රාන් මහතා විසින් අද දින (22) බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා වෙත ආණ්ඩුකාරවර කාර්යාලයේදී පිළිගන්වනු ලැබීය.

මෙම පර්යේෂණ වාර්තාව තුළ ජාතිකත්වය,භාෂාව,කුලය හා ලිංගිකත්වය ඇතුළුව වෙනත් විවිධ අනන්‍යතා හේතුවෙන් මිශ්‍ර පාසැල් තුළ සහ ආගමික පාසැල් තුළ සිදුවෙන වෙන්කොට සැලකීම් පිළිබඳව හා අපහසුතාවයට පත්වීම් ගැන තොරතුරු සඳහන් වේ.