ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ හටගෙන ඇති කැලඹිලි ස්වභාවයක් හේතුවෙන්, අද (ඔක්තෝබර් 20) දින සවස් කාලයේ සිට දිවයින පුරා වැසි තත්ත්වයේ සැලකිය යුතු වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව, දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, උතුරු, උතුරු-මැද, මධ්‍යම, නැගෙනහිර, වයඹ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි පතිත වීමේ හැකියාව පවතී. විශේෂයෙන්ම, උතුරු සහ වයඹ පළාත්වල උදෑසන කාලයේදීත් වැසි ඇති වන බව වාර්තා වේ.
එමෙන්ම, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැක.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

